gossiplanka alexa සමරිසි වීඩියෝවේ ඇත්ත නැත්ත හොයන්න පොලීසිය ඉරාජ්ගේ නිවසට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමරිසි වීඩියෝවේ ඇත්ත නැත්ත හොයන්න පොලීසිය ඉරාජ්ගේ නිවසට

ජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි හැඟවෙන ආකාරයෙන් මෑතක දී සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබු ආන්දෝලනාත්මක ‘සමරිසි’ වීඩියෝව සම්බන්ධයෙන් සුලමුල සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉරාජ් වීරරත්නගේ නිවසට ගොස් තිබෙනවා.

වාර්තා වන පරිදි එහි දී ඔහු සඳහන් කර ඇත්තේ, මෙම වීඩියෝව තම නැගෙණිය වන රිෂිනි වීරරත්න වෙත ඒවා ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග විසින් බවයි.
ඒ අනුව, මල්ෂා කුමාරතුංගගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසිය ඇය නැවතී සිටි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ නිවස්නයකට ද ගොස් තිබු අතර අනතුරුව මැයි මස 14 බ්‍රස්පතින්දා ඇයව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා කට උත්තරයක් ද ලබාගෙන තිබෙනවා.

එහිදී තමාගේ දුරකතනයේ දත්ත මැකී ඇති බව ඇය සඳහන් කර තිබු බැවින් දුරකථනය පොලිසිය භාරයට ගැනීම සඳහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති අතර ඒ අනුව මල්ෂා කුමාරතුංග විසින් ඊයේ (18) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගොස් සිය දුරකථනය භාරදී ඇතැයි සඳහන්.

ඉරාජ් වීරරත්නගේ නැගෙණිය වන රිෂිනි වීරරත්න විජය නිව්ස් පේපර්ස් සමාගමේ සේවය කරන අතර එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන dailymirror.lk වෙබ් අඩවිය විසින් පලකල වීඩියෝවක මල්ෂා කුමාරතුංග ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ගිය ආකාරය දක්වා තිබෙනවා.

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබු ආන්දෝලනාත්මක ‘සමරිසි’ වීඩියෝව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ, එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් කර ඇති පැමිණිලි හේතුවෙනුයි.

මෙම ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ, මෙම වීඩියෝව මිට ඉහත දී ඉන්දියාවේ දී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු බවකි.

මෙම වීඩියෝව 2018 වසරේ ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසවල දී ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු බවත් එරට ප්‍රකට නිල් චිත්‍රපට ශිල්පීන් දෙදෙනෙකු එහි රඟපා ඇති බවත් පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ අලගිය මුලගිය තැන් සොයා ගැනීමට මෙතරම් උනන්දුවක් දක්වන්නේ ජනාධිපතිවරයා ගෙන් ලැබුන නියෝගයක් හේතුවෙන් බව සඳහන්.

කිසිවකු විසින් දේශපාලනික අරමුණු වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ‘සමරිසි’ වීඩියෝව නිසා තමා හා තම පවුලේ සාමාජිකයින් පෞද්ගලික වශයෙන් හා සමාජීය වශයෙන් බරපතල අපහසුතාවයකට ලක්ව ඇතැයි කියමින් කාවින්ද ජයවර්ධන පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී මෙම වීඩියෝව මුදාහැරීමට සම්බන්ධ පුද්ගලයින් සොයා ගැනීමට උදව් කරන්නැයි කාරුණික ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

දැනට අනාවරණය වන තොරතුරු අනුව ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා විපක්ෂයේ තරුණ දේශපාලනඥයකු කෙරෙහි පොලිස් විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇති අතර සිද්ධියට සම්බන්ධ කවරෙකු වුවද ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොසලකා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා විසින් පොලිසියට නියෝග කර ඇත.

කාවින්ද ජයවර්ධන ඒ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයාට ස්තුතිය පළකරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu