gossiplanka alexa එංගලන්තයේ දී කොටි හිතවාදීන්ට එරෙහි වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ඇතුළු යුද හමුදාවේ 17කට මේජර් ජනරාල් ධුරයට අද උසස් වීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයේ දී කොටි හිතවාදීන්ට එරෙහි වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ඇතුළු යුද හමුදාවේ 17කට මේජර් ජනරාල් ධුරයට අද උසස් වීම්

ජාතික රණවිරු අනුස්මරණ දිනය අදට යෙදී තිබෙනවා.

මෙහි ප්‍රධාන උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

යුද හමුදාව නිවේදනය කළේ 30 වසරක යුද සමයේ දිවි පිදු ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක භටයන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 28619ක් දෙනෙක් මෙහිදී අනුස්මරණය සිදු කරන බවයි යුද හමුදාව නිවේදනය කළේ.

මේ අතර ජනාධිපතිවරයා ජාතික අනුස්මරණ දිනට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 117ක් දෙනෙක්ට උසස් වීම් පිරිනමා තිබෙනවා.

ඒ අතර වසර දෙකකට පෙර ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි කොටි හිතවාදීන්ට එරෙහිව නැඟී සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ඇතුළු යුද හමුදාවේ නිලධාරීන් 17 දෙනෙක් හටද මේජර් ජනරාල් ධුරයට උසස් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෑතකාලීනව වැඩිම හමුදා නිලධාරීන් පිරිසකට එකවර උසස් වීම් පිරිනැමූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනවා.

ඒ අනුව 05 දෙනෙකු මේජර් ජනරාල් ධුරයටත් / 04 දෙනෙකු බ්‍රිගේඩියර් ධුරයටත් / 39 දෙනෙකු ලුතිතන් කර්නල් ධුරයටත් / 69 දෙනෙකු මේජර් ධුරයටත් / 60 දෙනෙකු ලුතිතන් ධුරයටත් උසස්වීම් ලැබීමට නියමිතයි.

මිට අමතරව යුද හමුදාවේ අනෙකුත් නිලයන් 14617කටද උසස් වීම් පිරිනමන බවයි යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu