gossiplanka alexa රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ නාය යෑමකින් දරුවෙක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ නාය යෑමකින් දරුවෙක් මරුට

වතින අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර වේවැල්වත්ත උතුරු කන්ද ප්‍රදේශයේ සිදු වූ නාය යෑමකින් දරුවෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 09 දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මේ අතර රත්නපුර බැරන්ඩුව ලෙල්ලුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකට ගසක් කඩා වැටීමෙන් වයස අවුරුදු 30 කාන්තාවක් මියගොස් තිබෙන අතර රත්නපුර කහන්ගම වැල් අරඹේවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක පස් කන්දක් කඩා වැටීමෙන් මවක් සහ 24 හැවිරිදි දියණියක් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.

පැල්මඩුල්ල ප්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් පැල්මඩුල්ල පොලිස් වසමේ කුට්ටපිටිය තේ කර්මාන්ත ශාලාවක ආසන්නයේ පහත් බිම්වල නිවාස 17ක වාසය කළ පුද්ගලයින් 60 දෙනෙක් එම ස්ථානයෙන් ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පවතින කාලගුණ තත්ත්වය සලකා මෙම තීරණය ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ වන විට පුද්ගලයින් 60 දෙනෙක් එම ස්ථානයෙන් ඉවත් කර තාවකාලික ස්ථාන වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu