gossiplanka alexa සාමය උදා කර දුන් රණවිරුවන්ට හිමි තැන නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ - ජනාධිපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාමය උදා කර දුන් රණවිරුවන්ට හිමි තැන නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ - ජනාධිපති

ට වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවන් අනවශ්‍ය ලෙස පීඩනයට ලක් කිරීමට තමා කිසිඳු අවස්ථාවක ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ජනාධිපති තුමා එහිදී කියා සිටියේ රටට අසාධාරණයක් වන ලෙස යම් ජාත්‍යන්තර ආයතනයක් සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයෙන් සංවිධානයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට කිසිවිටෙක පසුබට නොවන බවයි.

බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස අද (19) පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මිට අවසර 11කට පෙර රට රුඳුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට තම දිවි කැප කළ විරෝධාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර පිළිගැන්වීමට මෙම උළෙල පැවැති අතර ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු සියලු ආරක්ෂක අංශවල නිලධාරීන් සහ එවක ක්‍රියාන්විතයේ සිටි හමුදා නිලධාරීන් ද සහභාගී වී සිටියා.

රටක් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැම විටම කැප වන බව කී ජනාධිපතිවරයා ලෝකයේ කිසිඳු බලවත් යැයි සැලකෙන රටවල නායකයන් තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව ලෙස කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොදෙන බවයි.

තමා යුද හමුදාවේ විසි වසරක් සක්‍රීය සේවයේ නිරත වූ නිලධාරියෙක් ලෙසත් දස වසරයක් ආරක්ෂක ලේකම් සහ පුරවැසියෙක් ලෙස සිටි අවධියේ රණවිරුවන් සිදු කළ කැපකිරීම් පිළිබඳ තමාට ඉතා හොඳ අවබෝධයක් ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

යුද්ධයේ වේදනාව හොඳින් දන්නා තමා විශාල කැපකිරීමක් සිදු කරමින් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට වෙත සාමය උදා කරදුන් රණවිරුවන්ට හිමි තැන සහ ගෞරවය නැති කිරීමට කිසිඳු ලෙසක අවස්ථාවක් නොදෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජිවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් ක්‍රියා කිරීම රණවිරුවන්ට  කළ හැකි ඉහළම ගෞරවය බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu