gossiplanka alexa පුත්තලම කතෝලික දේවස්ථාන දෙකකට නාඳුනන පිරිසක් ගල් ප්‍රහාර එල්ල කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පුත්තලම කතෝලික දේවස්ථාන දෙකකට නාඳුනන පිරිසක් ගල් ප්‍රහාර එල්ල කරයි

පුත්තලම සහ පලාවිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබු විදුරු ආවරණවලට ගල් ප්‍රහාර එල්ල කර කඩා දමා ඇති බව වාර්තා වනවා.

පුත්තලම පොලීසිය සඳහන් කළේ මෙලෙස ප්‍රහාර එල්ලකර හානි කර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබු විදුරු ආවරණය සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු ආවරණයට බවයි.

පුත්තලම මිසම් පාලක පයස් කෙනඩි පියතුමන් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් සුනඛ අංශය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අරඹා තිබෙනවා.

මෙම සිදුවීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයකු හෝ පිරිසක් සිටීද යන්න සොයා බැලීම සඳහා පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි පුත්තලම පොලීසියේ වැඩබලන ස්ථානාධීපතිවරයා කියා සිටියේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu