gossiplanka alexa හිඟුරක්ගොඩ ළමා නිවාසයක දැරියන් සිව් දෙනෙක් හිටි හැටියේ අතුරුදහන් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිඟුරක්ගොඩ ළමා නිවාසයක දැරියන් සිව් දෙනෙක් හිටි හැටියේ අතුරුදහන් වෙයි

හිඟුරක්ගොඩ, හතමුණ ප්‍රදේශයේ පිහිටා ඇති බාලිකා ළමා නිවාසයක සිටි බාල වයස්කාර දැරියන් සිව් දෙනෙක් දින දෙකක සිට අතුරුදහන්ව ඇති බව හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ දී පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

අදාළ බාලිකා නිවාසයේ පාලිකාව පොලීසිය වෙත කර තිබෙන පැමිණිල්ලේ දැක්වෙන්නේ ළමා නිවාසේ සිටි නේවාසිකව සිටි දැරියන් 04 දෙනෙක් පසුගිය 4 වනදා රාත්‍රියේ හොර රහසේ ළමා නිවාසෙන් නික්ම ගොස් ඇති බවයි.

මෙලෙස අතුරුදහන් වූ දැරියන් වයස අවුරුදු 14. 15. 16 යන වයස්වල පසුවන අය බවයි ළමා නිවාසේ පාලිකාව පවසන්නේ.

මේ වන විට අතුරුදහන් වූ දැරියන් හතර දෙනා සොයා පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu