gossiplanka alexa වෛරසය සුව වූ සෑම අයෙක්ගේම පසු විපරමක් සුක්ෂම ලෙස සිදු කරනවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරසය සුව වූ සෑම අයෙක්ගේම පසු විපරමක් සුක්ෂම ලෙස සිදු කරනවා

නිරෝධායන කඳවුරු සඳහා යොමු කර ඇති පුද්ගලයන්ගෙන් 4847ක් මේ වන විටත් නිරෝධායනය වන බව රාජ්‍ය බුද්ධි අංශය පවසනවා.

එහිදී විදේශිකයන් 1161 දෙනෙක් සහ දේශීය පුද්ගලයින් 3686 දෙනෙක් ඒ අතර වන බවයි රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා කියා සිටියේ.

මේ වන විට විදේශිකයන් 4737 දෙනෙක්ගෙන් 3576ක් නිරෝධායනය සාර්ථකව අවසන් කර පිටත්ව ගොස් තිබෙනවා.

දේශීය නිරෝධායනය සඳහා පුද්ගලයින් 4923ක් කඳවුරු වලට යොමු කර ඇති අතර ඉන් 1237ක් නිරෝධායන කඳවුරු වලින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විශේෂ වැඩසටහනකට එක්වෙමිනුයි සහකාර අධ්‍යක්ෂකවරයා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී ඔහු කියා සිටියේ මේ දක්වා 88273 දෙනෙක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් ඉන් අද වන විට 28746ක් දෙනෙක් පමණක් ස්වයං නිරෝධායනයේ යෙදී සිටින බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සහකාර අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ සුව සු සෑම අයෙක් සම්බන්ධයෙන් පසු විපරමක් අඛන්ඩව සිදු කරන බවටයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් අද වන විට කොරෝනා ආසාධිතයින් ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 65 දෙනෙක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 53ක් ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 41ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

කෙසේ වෙතත් අද දිනයේ මේ දක්වා කිසිම කොරෝනා රෝගියෙක් වාර්තා නොවන අතර මේ වන විට ශ්‍රී ලංකාවෙන් සමස්ථ ආසාධිතයින් 690ක් වාර්තා වන අතර වෛරසය ආසාධනය වී සුව වූ ගණන 179ක් ලෙස සඳහන් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu