gossiplanka alexa කොරෝනා සුව වී පැමිණි ජා-ඇල ප්‍රදේශයේ අයෙක්ට නැවතත් කොරෝනා වැළඳේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා සුව වී පැමිණි ජා-ඇල ප්‍රදේශයේ අයෙක්ට නැවතත් කොරෝනා වැළඳේ

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාධනය වී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණි පුද්ගලයෙකුට නැවතත් කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න කියා සිටින්නේ මෙම රෝගියා පසුගිය මාර්තු 17 වනදා කොරෝනා රෝගය වැළඳී අංගොඩ IDH රෝහලට ඇතුලත් කළ අයෙක් බවයි.

රෝහල්ගත ප්‍රතිකාර ලැබූ ඔහු සුව වීමෙන් අනතුරුව අප්‍රේල් 17 වනදා නැවත නිවස කරා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු නිවසේ සිට නිරෝධායනය වීමෙන් සිට ඇති අවස්ථාවේදී හදිසියේ පපුවේ වේදනාවක් ඇති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට ඥාතීන් තීරණය තිබෙනවා.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාට PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර අද (02) එහි වාර්තාවේ සඳහන්ව ඇත්තේ නැවතත් ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බවයි.

ඒ අනුව එම රෝගියා නැවතත් ප්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu