gossiplanka alexa මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා මෛත්‍රී ගුණරත්නගේ පුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා මෛත්‍රී ගුණරත්නගේ පුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

බන මස 20 වනදාට නියම කර ඇති මහ මැතිවරණ ඡන්ද විමසීම අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුත් නීතිඥ චරිත ගුණරත්න මෙම පෙත්සම ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම මඟින් පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ රට තුල වසංගත තත්වයක් මුහුණ දෙමින් සිටින අවස්ථාවක් බවත් එම තත්වය සම්පුර්ණයෙන්ම පහව යන තෙක් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් පෙත්සම් මඟින් පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සිදු නොමැති බැවින් එම නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසයි.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, සභාපතිවරයා ඇතුලු එහි සාමාජිකයන්, ජනාධිපති ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මාර්තු 2 වනදා විසින් ජනාධිපතිවරයා තමාට හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවනු ලැබුවා.

ඒ අනුව මහ මැතිවරණය සඳහා මාර්තු 19 වනදා නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අතර අප්‍රේල් මස 25 වනදා මැතිවරණය පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් මාර්තු 19 වනදා නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ රට තුළ පවතින තත්වය මත අප්‍රේල් 25 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවයි.

ඒ හේතුවෙන් මහ මැතිවරණය කල් දමීමට සිදුවන බව කොමිසමේ සභාපතිවරයා එහිදී කියා සිටියා.

ඉන්පසුව කොමිසම පසුගිය අප්‍රේල් 20 වනදා ප්‍රකාශ කළේ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සැලසුම් කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu