gossiplanka alexa රහස් පොලීසියේ විමර්ශන හමුවේ පාස්කු ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රහස් පොලීසියේ විමර්ශන හමුවේ පාස්කු ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි

මුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බවට පැවසෙන පුද්ගලයාගෙන් ඊයේ (09) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

දෙමාපියන් අහිමි කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව ඇතුළු ත්‍රස්ත කටයුතුවල යෙදවීමේ චෝදනා මෙම රාජ්‍ය නොවන සංවිධානයට එල්ලවී ඇති අතර මෙම ස්ථානයට අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හසීම් සහ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වූ මොහොමඩ් ඉබ්‍රහිම් ගේ පුතුන් දෙදෙනා මෙම ස්ථානයට අන්තවාදී දේශනා පැවැත්වීමට සහභාගී වී ඇති බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ.

පසුගිය සතියේ මෙම ස්ථානය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තොරතුරු සොයා ගැනීමට හැකි වූ අතර ඒ සම්බන්ධයෙන් සැක පිට කල්පිටිය හතරවන විදියේ පදිංචි අයෙක්ද පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම අරාබි ආගමික මධ්‍යස්ථානය තුලදී ප්‍රහාරයේ මහ මොලකරු වූ සහරාන් හසීම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කර ත්‍රස්තවාදීන් ද අදාළ දේශණ සඳහා සහභාගී වී ඇති බවයි.

මෙම ප්‍රශ්ණ කිරීම් හමුවේ ඉතා රහසිගත තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇති අතර ඊයේ දිනයේ දී ප්‍රකාශ සටහන් කරගත් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ද විමර්ශන කටයුතු සඳහා පුර්ණ සහය ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ස්ථානය වෙත මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu