gossiplanka alexa කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල චීනයේ ව්‍යාප්තිය අරඹයි - නගරයකුත් අඟුළු දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල චීනයේ ව්‍යාප්තිය අරඹයි - නගරයකුත් අඟුළු දමයි

කොරෝනා ආසාධිත නව පොකුරක් හඳුනාගනිමිත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරය අර්ධයක් ලොක්ඩවුන් සිමා පැනවීමට අද (13) නගර බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇති වීම හේතුවෙන්.

කොරෝනා ආසාධිත පොකුර හඳුනාගැනීම නගරයේ හඳුනාගැනීමත් සමඟ එම නගරයේ ප්‍රවාහන කටයුතු සිමා කර නගර සීමාවද වසා දමා තිබෙනවා.

මෙලෙස අර්ධ ලෙස වසා දමා ඇති චීනයේ දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. එය උතුරු කොරියාවට සහ රුසියාවට දේශ සිමවලට මායිම්ව පවතී.

එහි ලක්ෂ 40 ජනතාවක් ජිවත් වන අතර කොරෝනා වෛරස සම්බන්ධව වෛද්‍ය පරීක්ෂණයට භාජනය වී ආසාධිතයෙක් ද නැද්ද යන්න තහවුරු කිරීමෙන් අනතුරුව නගරයෙන් පිටතට යාමට ඉඩ සලසා ඇති බවයි වාර්තා වන්නේ.

ජිලින් නගර බලධාරීන් මේ වන විට දැඩි ස්වයං නිරෝධායන නීති පනවා තිබෙනවා.

නගර පරිපාලකයන් නගරයේ සියලු පොදු ස්ථාන මේ වන විට වසා දැමීමට නියෝග කර ඇති අතර ඖෂධහල් පමණක් විවෘත කර තබන ලෙසත් උණ රෝගයට බෙහෙත් ලබා දෙන්නේ නම් ඒ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා කරන ලෙසත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නගරයෙන් පසුගිය ඉරිදා පළමු පොකුර වාර්තා වී ඇති අතර ජිලින් නගරයේ ෂුලාන් ප්‍රදේශයෙන් මෙම ආසාධිතයන් හමුවී තිබෙනවා.

ඒ අනුව ඊයේ (13) දිනයේ දී තවත් නව ආසාධිතයන් 6 දෙනෙක් වාර්තා වී ඇති අතර මේ වන විට එම නගරයෙන් වාර්තා වන සම්පුර්ණ රෝගීන් ගණන 21කි.

වෛරසය ව්‍යාප්ත වී ඇති බවට මේ වන විට සැක කරන්නේ එම ප්‍රදේශයේ රෙදි සෝදන සේවකයෙක්ගෙන් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu