gossiplanka alexa එංගලන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ගුවන් තොටුපොලේදී යකා නටයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ගුවන් තොටුපොලේදී යකා නටයි

කොරෝනා වෛරසය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (04) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කර තිබුණා.

නමුත් එලෙස පැමිණ පිරිස ගුවන් තොටුපලේ දී කළහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් මෙලෙස කළහකාරී ලෙස හැසිරී ඇත්තේ තමන් වෙනුවෙන් සුදානම් කර තිබු නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින්.

මෙලෙස සිසුන් 208 දෙනෙක් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති අතර ගුවන් තොටුපොලේදී පළමුව ඔවුන් සියලු දෙනා සහ ඔවුන්ගේ ගමන් මලු ද විෂබිජහරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මෙම සිසුන් කණ්ඩායමේ වැඩිම පිරිසක් මිගමුව ජෙට්වින්, ඩොල්ෆින් සහ වස්කඩුව සිට්‍රස් යන හෝටල්වලට රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගෙන් දිනකට නිරෝධායන කටයුතු සඳහා රුපියල් 7500ක් බැඟින් අය කරනු ලබනවා.

මෙහිදී ජෙට්වින් හෝටලයට පිරිමි පුද්ගලයින් 44 දෙනෙක් ද කාන්තාවන් 47 දෙනෙක් සහ ළමුන් තිදෙනෙක් මිගමුව ජෙට්වින් හෝටලයට රැගෙන ගොස් ඇති අතර මීගමුව ඩොල්ෆින් හෝටලයට තවත් කිහිපදෙනෙක් හෝටලය වෙත රැගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තවත් 62 දෙදෙනෙක් වස්කඩුව සිට්‍රස් හෝටලය වෙත රැගෙන විත් ඇති අතර අනෙකුත් පිරිස දියගම තාක්ෂණ මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu