gossiplanka alexa විශේෂ දැනුම් දීමයි : ගොසිප් ලංකා නාමය අවභාවිතා කරමින් අවුරුදු කුමරිය තරඟයක් පැවැත්වීම සම්බන්ධයෙනි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශේෂ දැනුම් දීමයි : ගොසිප් ලංකා නාමය අවභාවිතා කරමින් අවුරුදු කුමරිය තරඟයක් පැවැත්වීම සම්බන්ධයෙනි

ගොසිප් ලංකා නාමය Gossip Lanka (Pvt) Ltd යටතේ ලියාපදිංචි කර ඇති අතර, එම නාමය භාවිතා කරමින් නොයෙක් කටයුතුවල නිරතවන වෙනත් ෆේස්බුක් පි‍ටුවක් සම්බන්ධයෙන් නොයෙක් පැමිණිලි මේ වන විට ලැබෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාවේ පළමු ගොසිප් ලංකා වෙබ් අඩවිය අප ආයතනය සතුවන අතර එය ආරම්භ කරන ලද්දේ 2008 වර්ෂයේ දීයි. ඒ හා සමාන අනෙකුත් සියළු නම් වලින් ඇති ෆේස්බුක් පි‍ටු සහ වෙබ් අඩවි අපගේ නම අනුකරණය කරමින් ආරම්භ වූ ඒවායි.

අපගේ නම භාවිතා කරමින් එක්තරා ෆේස්බුක් පි‍ටුවක් අවුරුදු කුමාරි තරඟයක් සඳහා තරුණියන්ගේ ඡායාරූප එකතු කර ගැනීමේ කටයුතුවල නිරත වන බව අපට දැනගැනීමට ලැබුණා.

එසේ ඡායාරූප ලබාගන්නේ වට්ස් ඇප් හරහා වන අතර එසේ ඡායාරූප යැවීමේදී තරුණියන්ගෙන් අනවශ්‍ය තොරතුරු අසන බව අපට දැනගන්න ලැබුණා. එසේම අවුරුදු කුමරිය තේරීම සඳහා තොරතුරු දැනගැනීමට යොදා තිබු දුරකථන අංක වලට කතා කිරීමේදී ද ඇමතුමට පිළිතුරු ලබාදෙන පුද්ගලයා අපගේ වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව හරහා එය සිදුකරන බවයි පවසන්නේ.

අප විසින් මේ බව සොයා බැලීමේ දී  අපගේ නමින් පවත්වාගෙන යනු ලබන වෙනත් ෆේස්බුක් පි‍ටුවකින් අවුරුදු කුමරිය තරඟය පවත්වාගෙන යනු ලබන බව තොරතුරු අනාවරණය වුණා.

තොරතුරු තවත් සොයාබැලීමේ දී මෙසේ ගොසිප් ලංකා නාමය භාවිතා කරමින් ෆේස්බුක් පි‍ටුව පවත්වාගෙන යනු ලබන පුද්ගලයා අපගේ ගොසිප් ලංකා වෙබ් අඩවිය පෙන්වමින් දැන්වීම් ලබා ගන්නා බව ද තොරතුරු අනාවරණය වුණා.

ගොසිප් ලංකා නමින් පවත්වාගෙන යනු ලබන අපගේ ෆේස්බුක් පි‍ටුව සහ වෙබ් අඩවිය, Gossip Lanka (Pvt) Ltd යටතේ ශ්‍රී ලංකාවේ ලියා පදිංචි කර ඇති ආයතනය සතු වන බවත් ඒ නමින් වෙනත් කිසිදු ආයතනයක් ලියාපදිංචි වී නොමැති බවත් අප යටතේ හෝ ඒ නමින් කිසිදු වෙනත් ආයතනයක් නොමැති බවත් මෙයින් දැනුම් දෙමි.

එසේම අපගේ ෆේස්බුක් පි‍ටුව හරහා කිසිදු අවුරුදු කුමරිය තේරීමේ තරඟයක් සිදු නොකරන බවත් මෙයින් දැනුම් දෙමි.

එසේම අපගේ නම භාවිතා කරමින් කිසියම් පුද්ගලයෙක් හෝ වෙනත් ආයතනයක් යම් කටයුත්තක නිරත වන්නේ නම් ඒ සඳහා අප ආයතනය විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර තොරතුරු නිසි ලෙස සොයා බලා ක්‍රියා කරන ලෙස ද මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමු.

*මේ වන විටත් ඔබ අපගේ ගොසිප් ලංකා නාමය විශ්වාස කර එසේ ඡයාරූප ලබා දී ඇත්නම් කරුණාකර පහත සදහන් දුරකථනය අංකය හෝ ඊමේල් ලිපිනය ඔස්සේ අපව සම්බන්ධ කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.


දුරකතන අංකය : 0774 320 320 
වෙබ් අඩවිය :  www.gossiplanka.com
ඊ-මේල් ලිපිනය : sales@gossiplanka.com
ෆේස්බුක් පි‍ටුව : https://www.facebook.com/gossiplankaoriginal/
ලියාපදිංචි නාමය : Gossip Lanka (Pvt) Ltd
ලියාපදිංචි අංකය : PV00219850
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu