gossiplanka alexa මැතිවරණය පැවැත්වීම සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා බලතල පැවරී ඇති ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැතිවරණය පැවැත්වීම සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා බලතල පැවරී ඇති ආකාරය

gossip lanka news about election
ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන වගන්තියට අනුව ජනාධිපතිවරයාටපැවරී ඇති බලතල මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ නාමයෝජනා කැඳවීම සිදුකලා. නමුත් ව්‍යවස්ථාවේ 103 වගන්තියට අනුව මැතිවරණය පැවැත්වීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසම වෙතයි. පවතින වසංගත තත්ත්වය සලකා බලා මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කළා. ඒ  1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුවයි. 

එසේම විසුරුවාහල පාර්ලිමේන්තුවක් නැවත කැඳවිය හැක්කේ හදිසි නීතිය පනවන අවස්ථාවක පමණයි. ව්‍යවස්ථාවේ 155(4) වගන්තිය අනුව හදිසි නීතිය පැනෙව්වොත් හදිසි නීතිය පැනවීමේ ප්‍රකාශනයම පාර්ලිමේන්තුව කැඳවීමක් වෙනවා. 

මෙවැනි වාතාවරණයක දී ඇතැම් පුද්ගලයින් ජනාධිපතිවරයාට චෝදනා කිරීම පදනම් විරහිත බව හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. වසංගතය හේතුවෙන් මැතිවරණය කල් දැමීමේ මැතිවරණ කොමිසම ගත් තීරණය ආණ්ඩුව පිළිගත්තේ මැතිවරණයට වඩා වසංගත මර්දනය වැදගත් නිසා බවත් ආණ්ඩුවට වසංගත මැද ඡන්ද පැවැත්වීමේ උවමනාවක් නැති බවත් ඔහු පවසනවා. 

ජනාධිපතිවරයා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව අනුර දිසානායක මහතා පැවසුවත් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට එසේ බලතල ලබා දී නැති බවත් හදිසි නීතියක් පැනවීමට ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් ගම්මන්පිල මහතා පවසනවා. කොරෝනා මර්දනයට පවතින නීති ප්‍රමාණවත් යැයි නිලධාරින් පවසන්නේ නම් යළි පාර්ලිමේන්තුවක් කැඳවීම අවශ්‍ය නොවන බවයි ඒ මහතා කියා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu