gossiplanka alexa තොරතුරු වසන් කිරීමේ චෝදනාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්ට ඉල්ලා අස්වීමට සිදු වේවිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තොරතුරු වසන් කිරීමේ චෝදනාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්ට ඉල්ලා අස්වීමට සිදු වේවිද?

lanka lates news gossip
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කල බවට චීනයට මේ වන විට චෝදන එල්ලවෙමින් පවතිනවා. ඔවුන්ට එසේ චෝදනා එල්ල වන අතරම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය  දැක්වූ ප්‍රතිචාර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිසි ලෙස මැදිහත් නොවූ බවට ද චෝදනා එල්ල වනවා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නොයෙක් බලපෑම් එල්ලවන බවයි වාර්තා වන්නේ. 

''ආචාර්ය ටෙඩ්‍රෝස් ක්යා සිටියේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම ඉතා ඉහල තත්ත්වයක තියනවා කියලා. පෙබරවාරි මාසය වන විට චීනයේ කොරෝනා ආසාධිතයින් 17,238ක් සහ මරණ 361ක් පමණක් වාර්තා වන අවස්ථාවේ දී පවා ඔහු කියා සිටියේ චීනයට සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. ඒ වගේම ඔහු කියා සිටියා වෛරසය මැඩ පැවැත්වීමේදී ජාත්‍යන්තර වෙළදාම සහ සංචාරයන්ට අනවශ්‍ය ලෙස මැදිහත් වන පියවරන් ගැනීම අනවශ්‍ය බව.  නැවත ඔහු පසුගිය මාර්තු20 කියා සිටියා චීනය තුල මේ වෙනවිට කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වන්නේ නැහැ කියලා. වෛරසය පරාජය කරන්නට හැකි බවට වන සහතිකයයි ඔහු එහිදී අපිට ලබා දුන්නේ. 

නමුත් චීනයේ මෙම ක්‍රියා පිළිවෙත හේතුවෙන් අමෙරිකාව ඇතුළු ලොවපුරා විශාල මිනිස් ජිවිත සංඛ්‍යාවක් අහිමි වෙමින් පවතිනවා. එයට හේතුව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා. ඔහු මුළු ලෝකයාම රවටා අවසන්. චීනයේ නිසි විනිවිද භාවයකින් තොරව කටයුතු කිරිමේ වැඩි චෝදනාව එල්ල වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත''

රිපබ්ලිකන් සෙනට් සභික මාර්තා මැක්‌සාලි අමෙරිකාවේ Fඔං නාලිකාව සමග සම්මුඛ සාකජ්චාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ එවන් කතාවක්. 

කෙසේ වෙතත් වෛරසය හේතුවෙන්  අවම වශයෙන් 40,000 ඉක්මවු පිරිසක් මිය යන්නට ඇතැයි මත පළවනවා. එහෙත් චීනයේ මියගිය සංඛ්‍යාව 3,300 කට ආසන්න සංඛ්‍යාවක් බවය් එරට රජය ප්‍රකාශ කර සිටියේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu