gossiplanka alexa ජනාධිපති නියමයෙන් MSC Magnifica නෞකාවේ ශ්‍රී ලාංකිකයා මව් රටට බාරගනී..

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති නියමයෙන් MSC Magnifica නෞකාවේ ශ්‍රී ලාංකිකයා මව් රටට බාරගනී..

ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාවේ සේවයේ නියුතු එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා අද (06) ශ්‍රී ලංකාවට භාර ගනු ලැබුණා.

ඒ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.

මෙම නෞකාව  ඉතාලිය බලා යාත්‍රා කරන අතරතුර සේවා සපයා ගැනීම සඳහා ලංකාව අසලට පැමිණෙන බවත් එම අවථාවේ දී තමාව ලංකාවට භාරගන්නා ලෙසත් මෙම තරුණයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ද ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තරුණයා දිවයිනට බාර ගැනීම සදහා අදාල අංශ දැනුවත් කර අදාළ උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව අද උදෑසන ලංකාව අසලට පැමිණි නෞකාවෙන් මෙම තරුණයා  නාවික හමුදා භාරයට ගෙන පුර්ණ විෂබීජහරණයට ලක් කර  දින 21ක නිරෝධායන කලා සීමාවක් සඳහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා.

MSC Magnifica නෞකා භාර ගැනීම සෑම රටකින්ම  ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ නිසා එම නෞකාව අයත් මව් සමාගම ලියාපදිංචි ඉතාලිය දක්වා ගමන් කිරීමට තීරණය කර තිබෙනවා.

එසේ ගමන් කරන අවස්ථාවේ දී සේවා කටයුතු ලබා ගැනීම සඳහා අද උදෑසන පැය තුනක කාලයකට කොළඹ වරායේ මේ නෞකාව නැංගුරම් ලා තිබෙනවා.

මගීන් 2700ක් සහිත එම නැවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වීමට අවසර නුදුන්නද නාවික හමුදා යාත්‍රාවකින් නැව වෙත ගොස්  එහි සිටි ශ්‍රී ලාංකිකයා බේරා ගැනීමට රජය පියවර ගත්තා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu