gossiplanka alexa ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට රජයෙන් භාණ්ඩ රැසකට ආනයනය සීමා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට රජයෙන් භාණ්ඩ රැසකට ආනයනය සීමා

ටපුරා කොවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් මේ වන විට එල්ලව තිබෙනවා.

මේ හේතුවෙන් ආර්ථිකය යම්තාක් දුරකට හෝ ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා රජය අද තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව වාර්තා වනවා.

එම ක්‍රියාමාර්ගවලට අනුව ජුලි 15 වනදා තෙක් බාස්මතී සහල් හැර අනෙකුත් සහල්, රටකජු වැනි දේශීයව නිෂ්පාදනය කළ හැකි කෘෂි භෝග ඇතුළු ප්ලාස්ටික් භාණ්ඩ සහ අත්‍යාවශය නොවන භාණ්ඩ රැසක් ආනයනය අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ණය පදනම මත පමණක් මාස 03 කාලයක පසු ගෙවීම් පදනමට අනුව ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය, විදුලි හා විද්‍යුත් උපාංග, තිරිගු පිටි වැනි හඳුනාගත් ද්‍රව්‍ය ආනයනය කිරීමට රජය අවසර ලබා දී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu