gossiplanka alexa නාථ දෙවියන්ට අනුව නොව විශේෂඥයන්වරුන්ගේ උපදෙස් මත මැතිවරණය කැඳවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාථ දෙවියන්ට අනුව නොව විශේෂඥයන්වරුන්ගේ උපදෙස් මත මැතිවරණය කැඳවන්න

මැතිවරණ කොමිසම විසින් ජනතාවගේ ජිවිත අනතුරේ නොදමා මැතිවරණය කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී ඒ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ අප්‍රේල් 20 කොරෝනා මර්ධන සටනේ තීරණාත්මක දිනයක් බවත් මහජනතාවගේ මළ මිනි මතින් ඡන්දයක් පවත්වනවාද නැද්ද පිළිබඳ තීරණයක් දිනයක් බවයි.

මේ වන විටත් වෛරසය දිනෙන් දින ව්‍යාප්ත වන බව රජයේ සංඛ්‍යා ලේඛන වලින් ද පෙන්නුම් කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

මෙවැනි මොහොතක මැතිවරණයක් කැඳවීමට තීරණයක් ගත හොත් වෛරසයෙන් සිදුවන සෑම මරණයකටම කොමිසම වගකිව යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ මැතිවරණයක් පැවැත්වීමට නම් වෛරසය මැඩලීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥයන්වරුන් සහ නිලධාරීන්ගේ ලිඛිත සහතිකයක් රටට ඉදිරිපත් කළ යුතු බවත් ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ලබා ගත යුතු බවයි.

එම නිර්දේශ මත මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ ද වගකීමක් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

නාථ දෙවියන් උපදෙස් අනුව වැඩ කටයුතු කරන වත්මන් රජය හදිසි කාලසටහනකට නොගොස් ඡනදයකයන් සහ මැතිවරණ රාජකාරියේ යෙදෙන නිලධාරීන්ගේ ජිවිත අවධානමේ නොදමා මැතිවරණයක් පවත්වන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu