gossiplanka alexa විදේශිකයින් සඟවා ගෙන සිටි හෝටල් තුනක් වටලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදේශිකයින් සඟවා ගෙන සිටි හෝටල් තුනක් වටලයි

නිලාවේලි සංචාරක කලාපයේ පිහිටා ඇති හෝටල් තුනක හිමිකරුවන් ඊයේ රාත්‍රියේ දී අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ එම හෝටල් තුළ විදේශිකයින් හත් දෙනෙකු සඟවා සිටීමේ චෝද්නාව මත. නිරෝධායනයට යොමු කළ යුතුව තිබූ මෙම විදේශිකයින් එසේ සඟවා ගෙන සිටීම පිළිබඳව එම හෝටල් හිමිකරුවන්ට නිරෝධායන පනත යටතේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතව තිබෙනවා.

චීන ජාතිකයන්  දෙදෙනෙකු, ඇමෙරිකානු  ජාතිකයන් දෙදෙනෙකු,  බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, පින්ලන්ත ජාතිකයෙකු, ස්කොට්ලන්ත ජාතිකයෙකු මෙසේ එම හෝටල් තුළ සඟවා ගෙන සිටි බවයි වාර්තා වන්නේ. 

එම විදේශිකයින්  යාපනය, හබරණ, අනුරාධපුරය හා මීගමුව ආදි ප්‍රදේශවල  සංචාරය කර ඇති බවත් එක් විදේශිකයෙකුට වීසා නොමැති බවත් අනාවරණය කර ගෙන තිබෙනවා. 

මෙම විදේශිකයින් හත් දෙනා එම හෝටල් තුළම නිරෝධායනයට ලක් කරන බවයි උප්පුවේලි පොලිසියේ නිලධාරියෙකු පවසා සිටියේ. 

උප්පුවේලි පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu