Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක සියළුම ප්‍රවේශ මාර්ග වසා දමා හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ කොරෝනා වෛරස් ආසාදිතයින් පස් දෙනෙකු පිළිබඳ අනාවරණය වීමත් සමඟ. චීන කො‍ටුව, අඹේපිටිය, පන්විල, කරදගොඩ, අක්කරගොඩ එම ප්‍රදේශවනවා.

සෞඛ්‍ය අංශ විසින් කරන ලද නිර්දේශයකට අනුව මෙසේ එම ගම්මාන වසා දැමීමට තීරණය කර ඇති අතර එම ගම්මානවලට කිසිවෙකුට ඇතුල් වීම හෝ ඉන් පිටවීම තහනම් වනවා.

මේ අතර බේරුවල පන්විල ප්‍රදේශයේ වෛරස් ආසාදිත රෝගීන් සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් 56 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වනවා. 





Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page