gossiplanka alexa කොරෝනා මාරයාගෙන් ගැලවෙන්න අපේ රටින් අඩු වියදම් කෘතිම ස්වසන ආධාරකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා මාරයාගෙන් ගැලවෙන්න අපේ රටින් අඩු වියදම් කෘතිම ස්වසන ආධාරකයක්

gossip latest news
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂවරුන් වන තුෂාන් ගුණවර්ධන, විරාජ් පෙරේරා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උපාධිය ලැබූ ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවරයෙක් වන චාමික ගමගේ යන මහත්වරුන් විසින් නිෂ්පාදිත කෘතිම ස්වසන ආධාරකය (Ventilation Machine) ප්‍රථම වරට හඳුන්වා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය නිල නිවසේ දී සිදු වුණා.

කිසිදු පාර්ශවයක අනුග්‍රහයකින් තොරව සිය පෞද්ගලික මුදලින් මෙම තරුණයින් තිදෙනා එක්ව නිර්මාණය කර ඇති මෙම උපකරණ ඒකකයන් නිර්මාණය කිරීම සඳහා වැය වන මුදල රුපියල් 15000 – 18000 ත් අතර වන බවත්, මෙම තරුණ කණ්ඩායමට දිනක දී මෙවැනි ඒකක 10- 15 ත් අතර ප්‍රමාණයක් නිර්මාණය කිරීමට හැකියාව ඇති බවත්, මීට අමතරව පුද්ගලයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක් වුවහොත් දිනක දී කෘතිම ස්වසන ආධාර ඒකක 100කට ආසන්න ප්‍රමාණයක් වුව ද නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බවත් එහි දී නිර්මාණකරුවන් විසින් ප්‍රකාශ කලා. 

තුර්කියේ නිෂ්පාදිත කෘතිම ස්වසන ආධාරකයක් මුල් ආකෘතිය ලෙස ගනිමින් නිර්මාණය කළ මෙම නව කෘතිම ස්වසන ආධාරකය භාවිතය හා නඩත්තුව ඉතාමත් සරලව සිදු කළ හැකි වනවා.  වැඩිහිටියෙකු හෝ දරුවෙකුට වුව ද ඉතාමත් සරළව මෙය භාවිතා කළ හැකි අතර ගිලන් රථයක හෝ මොටර් රථයක් තුළ සිට වුව ද භාවිතය පහසු වනවා.  භාවිතයේ දී ක්ෂ්‍ය වී යන කිසිදු කොටසක් නොමැති මෙම උපකරණය වොට් 12ක කුඩා බැටරි කැබලි දෙකක් බාවිතයෙන් පැය 7ක් පමණ පාවිච්චි කළ හැකිවනවා. සුළු නඩත්තු කටයුතු නිවසේ දී ම වුවද සිදු කර ගත හැකි මෙම උපකරණය භාවිතා කරන්නාගේ පහසුව පිළිබඳව වඩාත් සැළකිලිමත් වෙමින් නිර්මාණය කර තිබෙනවා. මුල් ආකෘති නිර්මාණය කිරීමේ දී වෛද්‍ය පාදෙණිය මහතා ද උපකරණමය වශයෙන් සහයෝගය ලබා දී තිබෙන බව ද සඳහන්. 

මෙම අවස්ථාවේ දී මෙම උපකණ 200 කට ආසන්න ප්‍රමාණයක් හැකි ඉක්මණින් නිර්මාණය කර රෝහල් සඳහා ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු  සලසා දීමට අගමැතිවරයා තීරණය කරනු ලැබුවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu