gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 619 දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 619 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් ඊයේ (29) රාත්‍රිය වන විට කොරෝනා ආසාධිතයන් ගණන 619 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ තහවුරු කරගත් නව ආසාධිතයන් ගණන 31ක් ලෙසයි වාර්තා වන්නේ.

නාවික හමුදා සෙබළුන් සහ පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකුයි ඊයේ දිනයේ දී මෙලෙස හඳුනාගෙන ඇත්තේ.

මේ දක්වා ආසාධිතයන් අතුරින් නාවික හමුදාවේ සහ එම පිරිස ඇසුරු කළ ගණන 220ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කොරෝනා ආසාධිතයන් ලෙස තහවුරු වී ඇති පිරිස් අතර වැලිසර නාවික හමුදාවේ 148 දෙනෙක් කඳවුර තුලින් හඳුනාගෙන ඇති අතර 50 දෙනෙක් නිවාඩු ලබා ගොස් සිටි අය බවත් අනෙක් 13 දෙනා ඔවුන් ඇසුරු කළ අය බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනය වන විට කොරෝනා ආසාධිතව පුර්ණ සුවය ලැබූ ගණන 134ක් ලෙස සටහන් වූ අතර තවදුරාටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 478ක් ලෙසයි සඳහන් වන්නේ.

මෙතෙක් කොරෝනා ආසාධිත බව තහවුරු කර නොගත් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින රෝගීන් ගණන 317ක් ලෙස වාර්තා වන අතර මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ 07ක් ලෙසයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu