gossiplanka alexa රට පුරා දෙමාපියන් අහිමි ඉස්ලාම් දරුවන් 40කට සහරාන් ගිනි අවි පුහුණුව ලබා දීලා - CID භාරයේ සිටින දරුවෙක්ගෙන් තවත් විනාශයක සුළමුල හෙළි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට පුරා දෙමාපියන් අහිමි ඉස්ලාම් දරුවන් 40කට සහරාන් ගිනි අවි පුහුණුව ලබා දීලා - CID භාරයේ සිටින දරුවෙක්ගෙන් තවත් විනාශයක සුළමුල හෙළි වෙයි

නාතවිල්ලුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් දරුවෙක් හට සහරාන්ගේ කණ්ඩායම අවි පුහුණුව ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින දරුවෙකු ප්‍රකාශ කර තිබෙනවා.

208 වසරේ සිට 2018 දක්වා මෙම පුහුණුව ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
පුහුණුව සඳහා දිවයිනේ දෙමාපියන් අහිමි ඉස්ලාම් දරුවන් 35ක් 40ක් අතර පිරිසක් සහභාගී වී ඇති බවයි මේ වන විට සඳහන් වන්නේ.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පුහුණුව ලැබූ සියලු දෙනා අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් සිසුන් බවටයි වාර්තා වන්නේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් විසින් මෙම පුහුණුව මෙහෙයවීමේ කටයුතු සිදු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

මෙම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් වයස 14 හැවිරිදි දරුවා විසින් සිදු කරන පාපොච්චාරණයදී මේ බව අනාවරණය වී ඇති අතර ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ විවිධ ප්‍රදේශවල සිසුන් මෙම කඳවුරේ රැඳී සිට ඇති බවයි.

එලෙස රැඳී සිටි සිසුන්ට ගිනි අවි යොදාගෙන වෙඩි තැබීම පුහුණුවීම් සහ ඉලක්කයට වෙඩි තැබීම පිළිබඳව පුහුණුවීම් ලබා දී ඇති බවයි මෙම දරුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම දරුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අදාළ වෙඩි පුහුණුවීම් සිදු කළ ස්ථානය පෙන්වා ඇති අතර එහි වර්ථමානයේ ඉදිකිරීමක් හේතුවෙන් එය සනාථ කරගැනීමට ගැටළුකාරී තත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් මෙම දරුවා ප්‍රකාශ කර ඇත්තේ විවිධ වාහන වලින් එම ස්ථානය වෙත පැමිණි පුද්ගලයින් අදාළ ස්ථානය නඩත්තු කිරීමට විශාල මුදල් ලබාදී ඇති බවයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින ඇමතිවරයෙකුගේ සොහොයුරෙක් සහ නීතිඥවරයෙක් සම්බන්ධයෙන් මේ පිළිබඳව තොරතුරු ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ ජනවාරි 16 වන දින වනාතවිල්ලුව ලක්ටෝ වත්ත සිට අදාළ ගිනි අවි පුහුණු කළ කරතිව් නම් ප්‍රදේශයට කිලෝමීටර් 15 වැනි දුරක් ඇති අතර එම අරාබි පාසල අවට ජිවත් වන්නේ එක් ජනකොටසක් පමණක් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu