gossiplanka alexa ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමේ සෙබලෙක්ටත් කොරෝනා වැළදේ - ගම්පහනුත් තවත් ආසාධිත විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමේ සෙබලෙක්ටත් කොරෝනා වැළදේ - ගම්පහනුත් තවත් ආසාධිත විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් සොයා ගැනේ

ගුවන් හමුදා සෙබලෙක්ටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ එම සෙබළා මේ වන විට අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි.

මෙලෙස රෝගය වැළඳුණු ගුවන් සෙබළා ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කටුනායක ගුවන් හමුදා කඳවුර වසා දමා ඇති බවට වාර්තා පුවත් අසත්‍ය බවයි.

මේ අතර ගම්පහ විජයාරාම ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ හිටපු සාමාජිකයෙක්හට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම සෙබලා මේ වන විට අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසන්නේ.

මෙම පුද්ගලයා පසුගියදා පෞද්ගලික ආරක්ෂක සේවාවක අවශ්‍යතාවක් වෙනුවෙන් පසුගිය 20 වනදා වැලිසර නාවික හමුදා කඳවුර වෙත පැමිණි ඇති අතර පසුව රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර PCR පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

පරීක්ෂණයෙන් අනතුරුව ආසාධිතයෙක් ලෙස හඳුනා ගැනුණු ඔහු මෙලෙස IDH රෝහලට ඇතුලත් කර ඇති අතර එම සෙබලා වයස අවුරුදු 55ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ සෙබලාගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු ඇසුරු කළ එම ප්‍රදේශයේ නිවාස 4ක් නිරෝධායනයට යොමු කර ඇති බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu