gossiplanka alexa කොරෝනා සටනට යවන්න ශ්‍රී ලංකාවේ පාසැල් දරුවෙක්ගෙන් රොබෝ යන්ත්‍රයක් සහ විෂ බිජ නාශක යන්ත්‍රයක් නිර්මාණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා සටනට යවන්න ශ්‍රී ලංකාවේ පාසැල් දරුවෙක්ගෙන් රොබෝ යන්ත්‍රයක් සහ විෂ බිජ නාශක යන්ත්‍රයක් නිර්මාණය කරයි

කොරෝනා මර්දනයට රොබෝයන්ත‍්‍රයක් සහ විෂබීජ නාශක යන්ත‍්‍රයක් නිර්මාණය කිරීමට වයස 13ක ඇඹිලිපිටියේ තනුජ කෙත්නුර ජයවර්ධන සිසුවා සමත්ව ඇත.

 තනුජ ඇඹිලිපිටිය නව නගරයේ ගම් උදාව 9 වන පටු මගෙහි නිවසක පදිංචිව සිටියි. මෙම නිර්මාණ සම්බන්ධයෙන් සොයා බැලීමට අපි තනුජ සම්බන්ධ කර ගත්තෙමු.

තනුජ මේ වන විට වාතයේ ඇති විෂබීජ විනාශ කළ හැකි ආකාරයේ යන්ත‍්‍රයක් නිෂ්පාදනය කර ඇත. මේ සඳහා ඉවත දමන ද්‍රව්‍ය බොහොමයක් යොදාගෙන තිබේ.

ඒ අතර රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී සහාය කර ගත හැකි රොබෝ යන්ත‍්‍රයක් ද ඔහු විසින් නිර්මාණය කර තිබේ. තනුජ පවසන ආකාරයට මෙම විෂබීජ හරණ යන්ත‍්‍රය මගින් රෝගියකු සිටින කාමරයක වාතයේ ඇති සම්පූර්ණ විෂබීජ විනාශ කිරීමට හැකිය.

මෙම යන්ත‍්‍රය තුළට වාතය ඇද ගැනීමෙන් පසුව එය විෂබීජ නාශක දියර මගින් පිරිසිදු කර විෂබීජ විනාශ කිරීම සිදුකෙරේ. ‍

මෙම නිර්මාණය පරීක්ෂණ මට්ටමේ පවතින අතර මේවා නවීණ තාක්ෂණය යොදාගෙන ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව තනුජ කියයි.

තනුජගේ දෙවැනි නිර්මාණය වී ඇත්තේ දුරස්ථ පාලකයක් මගින් දිවෙන රොබෝවකි. මෙම රොබෝව මගින් රෝගියකු ළඟට බෙහෙත් වර්ග ඇතුළු සෑම දෙයක්ම ගෙනයා හැකිය.

එපමණක් නොව රොබෝ යන්ත‍්‍රය මගින් රෝගියා සමග කතා කළ හැකි බව ද තනුජ පවසයි. මේ වන විට මෙම ආකෘතිය කාඞ්බෝඞ් වර්ග යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇත.

එය දුරස්ථ පාලකය මගින් ධාවනය වන ආකාරයට සකසා තිබේ. මෙම රොබෝ යන්ත‍්‍රයේ තට්ටු තුනක් ඇති අතර රෝගියාට අවශ්‍ය බෙහෙත් හා උපකරණ මින් ගෙන යා හැක.

තනුජ කෙත්නුර විසින් මීට අමතරව තවත් කුඩා නිර්මාණ බොහොමයක් සාදා ඇත.

පියාගේ එකම අරමුණ වී ඇත්තේ තම පුතා විසින් සිදු කරන නිර්මාණවලට අත හිත දී මේවා නවීණ තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කර රටට වැඩක් කිරීමය. ඒ වාගේම දරුවා මේ මාර්ගය ඔස්සේ යැවීම සඳහා සුදුසු ආකාරයේ පාසලකට යොමු කිරීමය.

කොරෝනා වැනි මෙවැනි වසංගතයක් අවස්ථාවේ දී මේ නිර්මාණ අපේ රටට ඉතා වැදගත් වනු ඇත. බලධාරීන්ගේ ඇස මේ සම්බන්ධයෙන් යොමු වන්නේ නම් අගනේය.

උපුටා ගැනීම - දිවයින පුවත්පත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu