gossiplanka alexa සුදුවැල්ලේ කොරෝනා ආසාධිතයා සොයා නාවික හමුදාව සිදුකළ සුපිරි මෙහෙයුම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුදුවැල්ලේ කොරෝනා ආසාධිතයා සොයා නාවික හමුදාව සිදුකළ සුපිරි මෙහෙයුම

මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර තුළ සිදුව ඇති කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පාදක වී ඇති ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාධිතයා ගැන මුළු රටේම අවධානය යොමුව ඇති මොහොතක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැක.

මෙරටින් වාර්තා වූ 206 වන රෝගියා වන අතර එම පුද්ගලයා ත්‍රිරෝද රථය රියදුරෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කටයුතු කළ අයෙක් බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මස වනදා රාත්‍රියේ පමුණුගම දෑලතුර ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අනවසරයෙන් ඇතුල්වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එම පුද්ගලයා අල්ලා පොලිසිය වෙත භාර දී තිබුණා.

එම පුද්ගලයා පොලීසියට රැගෙන යන අවස්ථාව වන විටත් විවධ රෝග ලක්ෂණ මතුව තිබු අතර ඒ හේතුවෙන් ඔහුව පමුණුගම රෝහලට ඇතුලත් කර පසුව රාගම රෝහල වෙත මාරු කර යැවූ අතර පසුව කොරෝනා ආසාධිතයෙක් බවයි හෙළි වුයේ.

මෙලෙස කොරෝනා රෝගියෙක් බවට හෙළිවීමෙන් අනතුරුව දෑලතුර ප්‍රදේශයේ 12 දෙනෙක් නිරෝධායනයට පියවර ගත් අතර එම පුද්ගලයා පොලීසිය වෙත අල්ලා දීමට සහය වූ ගම්වැසියන් එම පවුල් 12 නිවෙස් තුලම නිරෝධායනට පියවර ගෙන තිබුණා.

මිට අමතරව පමුණුගම පොලිසිය ද සම්පුර්ණයෙන් විෂබීජ හරණය කිරීමට පියවර ගනු ලැබුවා.

පසුව නාවික හමුදාව එම ආසාධිත පුද්ගලයා ඇසුරු කළ සමීපතමයින් සොයා සිදුකළ මෙහෙයුමකදී ජා-ඇල සුදුවැල්ල, කදාන, රාගම, පිටකොටුව කෙසෙල්වත්ත සහ ගුණසිංහපුර ප්‍රදේශවල සංචාරය කර ඇති බව හෙළිවී තිබුණා.

මෙම පිරිස රට පුරා ඇඳිරි නීතිය පවතින අවස්ථාවලදී පොලිස් සෞඛ්‍ය අංශ නිලධාරීන් එන අවස්ථාවේ විවධ මාර්ග ඔස්සේ පලා ගොස් තිබුණා.

වැලිසර නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉතා සුක්ෂමව සිදුකළ විමර්ශනයකදී එම ප්‍රදේශයෙන් හමුවූ ආසාධිත පුද්ගලයා සමඟ සමීප සබඳතා පැවැත්වූ 28 දෙනෙක් සොයා ගැනුණා.

එම විමර්ශන සඳහා ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයේ පුජකතුමන්ගේ ද මනා සහයක් ලැබී තිබුණා.

මෙලෙස සොයාගත් පිරිස පළමුව ඔවුන් නිරෝධායනය කිරීම සඳහා රැගෙන යාමට එරෙහි වූ අතර බොහෝ පිරිසක් ඊට විරෝධය දක්වා පැන යාමටද උත්සහ කළා.

අනපේක්ෂිත අවස්ථාවක ඇතිවූ තත්වයත් සමඟ ආරක්ෂාවට යොදවා සිටි නාවික හමුදා භටයන් එම අවස්ථාව පාලනය කරගැනීමට සමත් වුණා.

සුදුවැල්ලේ මෙම සිද්ධිය අද වන විට මුළු රටේම ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් කල්පිටිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක දින 14ක් නිරෝධායනය කටයුතු සඳහා පසුගිය 09 වනදා යොමු කර නමුත් එලෙස නිරෝධායනය වූ නිලධාරියෙක් වෙත වෛරසය වැළඳී ඇති බව වාර්තා වූයේ මීට දින කිහිපයකට පෙරයි.

එම ආසාධිත සෙබලා වාර්තා වුයේ පොළොන්නරුව ප්‍රදේශයෙනි.

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ නාවික හමුදාව විසින් නිරෝධායනය සඳහා යොමු කළ 28 දෙනෙක්ගෙන් 06 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව හෙළි වුණා.

පසුව එම ආසාධිත පිරිස ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ප්‍රථම PCR පරීක්ෂණයක් සිදු කිරිමට සෞඛ්‍ය නිලධාරීන් තීරණය කළා.

සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ආසාධිතයින් ඇසුරු කළ පුද්ගලයින් සියා තොරතුරු රැස් කරන්නට ක්‍රියා කළා.

එලෙස තොරතුරු රැස් කිරීමට සැලසුම් කිරීමෙන් බලධාරීන් අනුමාන කර සිටියේ කොරෝනා ආසාධිත පුද්ගලයෙක් එම පිරිස අතර සිටියහොත් සිදුවන විනාශය ගැන හොඳ අවබෝධයක් සහිතවයි.

ජා-ඇල සුදුවැල්ල, කදාන, කොටහේන, පිටකොටුව, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අවසානයේ කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් ඇසුරු කළ බොහෝ දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමට බලධාරීන් පියවර ගනු ලැබුවා.

සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ දුර දක්නා නුවණින් යුතු ක්‍රියාව හේතුවෙන් වෙන්නට ගිය මහා විනාශයක් නැවතීමට හැකි වූ අතර ජිවිත පරදුවට තබා මෙම කරන සේවය ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය නිලධාරීන් ගැන අප පුද කළ යුත්තේ ගෞරව උත්තමාචාරයකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu