gossiplanka alexa මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් නිසා කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් නිසා කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක්

ත්‍යාවශ්‍ය සේවා ස්ථාන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත්‍ර මැයි මස 30 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.

මෙම නිකුත් කළ බලපත්‍රවල වලංගු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබු අතර එය අලුත් කිරීමකින් තොරව ලබන මස 30 වනදා තෙක් භාවිතා කළ හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (29) පැවැති කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ විවිධ ක්‍රියා හේතුවෙන් කොරෝනා ව්‍යාප්ත වීමට ඉඩකඩ වැඩි බව බුද්ධි අංශ සහ සෞඛ්‍ය නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බවයි.

ඒ හේතුවෙන් කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත වතු නිවාසවල ජිවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu