gossiplanka alexa දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක සිදුවූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක සිදුවූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙක් මරුට

කුණු කොරියාවේ අයිචියොන් නගරයේ ඉදිකරමින් පවතින ගබඩා සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදා ගැනුණු ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

සිද්ධියෙන් මියගිය සියලුම දෙනා එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතුවල නිරත වූ සේවකයන් බවයි ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ.

එහි සේවය සඳහා පුද්ගලයින් 78 දෙනෙක් සිට ඇති අතර ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

එරට වේලාවෙන් අද පස්වරු 1.30 මෙම සිද්ධිය සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් නියෝග කර ඇත්තේ මෙම හදිසි අවස්ථාව වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu