gossiplanka alexa CID විසින් රිෂාඩ් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

CID විසින් රිෂාඩ් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?

හස් පොලීසිය විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙසට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලීසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරයා පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසර අවසානයේ පැවැති ජනාධිපතිවරණ සමයේ රජයේ ප්‍රවාහන සේවා මඟින් පුත්තලම ප්‍රදේශයේ ඡන්ද දායකයන් ප්‍රවාහන කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, එම පරීක්ෂණයට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට සුදානමක් පවතින බවයි.

රහස් පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති සිද්ධියට තමා අදාළ නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

ද්වේෂ සහගත ලෙස රහස් පොලීසිය විසින් තමා අත්අඩංගුවට ගැනීමට සුදානම් බවත් ඒ හේතුවෙන් තමාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි ඔහු සිය පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඒ හේතුවෙන් පෙත්සම විභාග කර අවසන් වන තෙක් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි හිටපු අමාත්‍යවරයා පෙත්සම තුලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu