gossiplanka alexa කොරෝනා රෝගීන් ගණන 649 දක්වා ඉහළට - නව ආසාධිතයන් 30න් 22 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගීන් ගණන 649 දක්වා ඉහළට - නව ආසාධිතයන් 30න් 22 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන්

ශ්‍රී ලංකාවේ නව කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 649ක් දක්වා ඊයේ (29) රාත්‍රීය ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව ඊයේ දිනයේ පමණක් හඳුනාගත් නව රෝගීන් ගණන 30ක් ලෙසයි වාර්තා වන්නේ.

ඊයේ දිනය වන විට වෛරසය වැළඳී සුවවූ සංඛ්‍යාව 136ක් ලෙස වාර්තා වූ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 506 බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරට රෝහල්ගතව සිටින නමුත් මේතාක් තහවුරු නොකරගත් සැක සහිත රෝගීන් ගණන 250කි.

මේ අතර යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ ඊයේ සවස 6 වන විට නාවික හමුදා සෙබළුන් 226ක් වාර්තා වූ බවයි.

ඒ අනුව පසුගිය 22 වැනිදා සිට මේ දක්වා නාවික හමුදා සෙබළුන් 235ක් හට කොරෝනා අසාධනය වී තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ නව කොරෝනා රෝගීන් 30 අතුරින් 22 දෙනෙක් නාවික හමුදා සෙබළුන් බව යුද හමුදාපතිවරයා පවසනවා.

ඉන් 20 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වන අතර අනෙක් සෙබළුන් දෙදෙනා නිවාඩු ලබා ගොස් සිටි අය බවයි වාර්තා වන්නේ,

මේ අතර නාවික හමුදා සෙබළුන් සමඟ සමීපව ඇසුරු කළ 7 දෙනෙක් වෛරසය ආසාධනය වී ඇති ඊයේ දිනයේදී තහවුරු කරගෙන තිබෙනවා.

එම සෙබළුන් බදුල්ල / තලාතුඔය / කන්තලේ / හෝකන්දර සහ මොරොන්තුඩුව ප්‍රදේශවලින් වාර්තා වන්නේ.

එක් අයෙක් විශ්‍රාම යාමට ආසන්න යුද හමුදා සෙබලෙක් ද වාර්තා වූ ආසාධිතයින් අතරට අයත් වනවා.

මේ අතර කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක්ටද කොරෝනා වෛරසය වැළඳී ඇති බවද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu