gossiplanka alexa පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල දින 3කට වසා දැමේ - සියලු ව්‍යාපාරිකයන් PCR පරීක්ෂණයටත් භාජනය කිරීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල දින 3කට වසා දැමේ - සියලු ව්‍යාපාරිකයන් PCR පරීක්ෂණයටත් භාජනය කිරීමට තීරණය කරයි

හෙට දිනයේ සිට දින 3ක් කාලයක් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ දිනයේ දී පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත මත්ස්‍ය ව්‍යාපාරිකයෙක් හමුවීම හේතුවෙන්.

එම ආසාධිත පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට පැමිණ ඇති බව අනාවරණය වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

මිට අමතරව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ සියලු ව්‍යාපාරිකයන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා ඇත්තේ හෙට දිනය තුල PCR පරීක්ෂණය වෙත යොමුවන ලෙසයි.

ඊයේ දිනයේ කොරෝනා ආසාධිතයෙකු ලෙස හඳුනාගනුණු පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනට ලක් කර තිබෙනවා.

වෑතර ප්‍රදේශයේ පිහිටා ඇති මාළු වෙළඳසැලක් එම ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වී ඇති අතර කහතුඩුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම මාළු වෙළඳසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් වහාම දැනුවත් කරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu