gossiplanka alexa ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාතෘ සංරක්ෂණ උපදෙස් මාලාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාතෘ සංරක්ෂණ උපදෙස් මාලාව

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ කොවිඩ් 19 සායනික කළමනාකරණ උපදෙස් මාලාව සංශෝධනය කළා . මෙතෙක් එහි අඩංගු නොවූ මාතෘ සංරක්ෂණ උපදෙස් එහි අඩංගුයි. ඒ අනුව කොරෝනා සැදුනු මවකට දරුවාට මව් කිරි දීම කළ හැකිය . විස්තර පහත වේ.

පළමු කිරි එරීමෙන් පසු ලබාගත් මවු කිරි නියැදි සියල්ලකම කොරෝනා වයිරසය අඩංගු වී නැත . මේ අනුව උපදෙස් මාලාවට අනුව කොවිඩ් -19 රෝගයෙන් පෙලෙන මවු වරුන්ගේ අලුත උපන් දරුවන්ට අසාදන නිවාරණ හා පාලන ක්‍රම භාවිතා කරමින් සම්මත ළදරු පෝෂණ උපදේශක මාලාවන්ට අනුකූලව පෝෂණය ලබා දිය යුතුය .මේ අනුව මව් කිරි දීම උපතෙන් පැයක් ඇතුලත ආරම්භ කල යුතුය . එබැවින් රෝගය තිබෙන බවට සැක කරන හෝ තහවුරු කරන ලද මවකට සිය ළදරුවාට මව් කිරි ලබා දිය හැකිය . එහිදී සියලු සැක සහිත හා තහවුරු වූ කොරෝනා රෝගීන් මෙන් මව් කිරි ලබා දීමේ දී හෝ හමට හම ස්පර්ශය දරුවාට ලබා දීමේදී හෝ කැන්ගරු සත්කාරය ලබා දීමේදී රෝග ලක්ෂණ සහිත මව මව මුවවැස්මක් ( මාස්ක්) පැළඳ ගත යුතු අතර දරුවා ඇල්ලීමට පෙර හා පසු අත සබන් ගා සෝදා ගත යුතුය. රෝගී මව ගැටුණු පෘෂ්ට පිරිසිදු කර ජීවානුහරණය කළ යුතු වේ .

යම් ආකාරයකට මවගේ දැඩි රෝගී තත්ත්වය නිසා හෝ සංකුලතා නිසා කෙලින්ම මව් කිරි ලබා දිය නොහැකි නම් මව් කිරි පියයුර මිරිකා ලබාගෙන දරුවාට ලබා දිය යුතුය . මිරිකු කිරි දරුවාට පෙවීමේදී මව අසාදන නිවාරණ හා පාලන ක්‍රම භාවිතා කළ යුතුය .

ඒමව හෝ දරුවා සැක සහිත, වියහැකි හෝ තහවුරු වූ කොවිඩ් -19 රෝගියෙකු වුවද මව හා ළදරුවා ට එකට සිටින්නට ඉඩ සැලසිය යුතු අතර සමට සම ස්පර්ශය , කැන්ගරු මව් සංරක්ෂණය හා එකට සිටිමින් විශේෂයෙන් උපතෙන් පසු වහාම මව් කිරි දීම ආරම්භ කරද්දී දිවාකල හා රාත්‍රියේ එකම කාමරයක සිටින්නට ඉඩ සැලසිය යුතුය

විශේෂඥ වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu