gossiplanka alexa වයිරසය ආසාදිතයින් ගණන ඉහළට, සැඟව සිටින අයට සිර දඬුවම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වයිරසය ආසාදිතයින් ගණන ඉහළට, සැඟව සිටින අයට සිර දඬුවම්

gossip lanka corona update
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බවයි. ඒ අනුව දැනට කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 18ක්. 

කොරෝනා වයිරසය ආසාදිත යැයි ඇතැයි තහවුරු කරගත් රෝගීන් හත් දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට ඇතුළු කළ පුද්ගලයන් වනවා. 

එසේම කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරමින් සැඟවී සිටින පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කල හැකි බව පොලීසිය දැනුම් දෙනවා. එවැනි පුද්ගලයින්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි පොලිස් මුලස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවේදි නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. 

යම් පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට යම් කිසි අවස්ථාවකදි  සැකයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වහාම අදාළ ආයතන වෙත හෝ  පොලිස් ක්ෂණික ඇමතුම් අංකය වන 119 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් පොලීසිය අවධාරණය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu