gossiplanka alexa කොරෝනා වයිරසයෙන් ලොව මිය යා හැකි ප්‍රමාණය පිළිබඳ ලන්ඩන් රාජකීය විද්‍යායතනයෙන් අනාවැකියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වයිරසයෙන් ලොව මිය යා හැකි ප්‍රමාණය පිළිබඳ ලන්ඩන් රාජකීය විද්‍යායතනයෙන් අනාවැකියක්

සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන අන්ව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ආසාදිතයින් 531,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 24,000 ඉක්මවා තිබෙනවා.

ලොව පුරා සියළු රටවල් මෙම වෛරසය ව්‍යාප්තිය සඳහා දැඩි පියවර ගනු නොලැබුවහොත් ලෝකයේ 18 ලක්ෂයක් ඉක්මවූ පුද්ගලයින් පිරිසක් මිය යා හැකි බව ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා.

මෙසේ ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ විද්‍යාඥයන් අනාවැකි පළ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ අනුපාත, ජන විකාශය සහ සමාජ සාධක සැලකිල්ලට ගනිමින්. 

ලොව සියළු රජයන් විසින් වෛරස් ආසාදනය වූ රෝගීන් නිසියාකාරව පරීක්ෂා කිරීම, ඔවුන් වෙන් කිරීම සහ සමාජයෙන් දුරස් කර තැබීම ආදී ක්‍රියාවන් සඳහා දැඩි පියවර ගනු ලැබුවහොත් ලොව මිලියන ගණනින් ජීවිත බේරාගත හැකි බවයි ඔවුන් අනාවැකි පළ කර සිටින්නේ.

එසේ නොමැතිවුවහොත්  ලොව වෙසෙන සෑම පුද්ගලයෙකුටම මෙම වෛරසය ආසාදනය වී මිලියන 40ක් පමන වන පුද්ගලයින් මෙම වයිරසයෙන් මිය යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu