gossiplanka alexa ඇඳිරි නීතිය ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්  දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට, මාර්තු 27 සිකුරාදා උදේ 6.00 ට ලිහිල් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබෙනවා.


මේ දිස්ත්‍රික්කවල එසේ යළි පැනවූ ඇඳිරි නීතිය මාර්තු 30 සඳුදා 6.00ට ඉවත්කොට එදිනම දහවල් 2.00ට නැවත ක්‍රියාත්මක කෙරෙනවා. එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු  ඇඳිරි නීතිය දීර්ඝ කර තිබෙනවා. 

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතිනවා. 

එසේම අද උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක වනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇති බවයි  වාර්තා වන්නේ. 

රට පුරා ඇඳිරි නීතිය පිළිබඳව මේ නිවේදනයේ සඳහන් වේලාවන් නැවත දැනුම් දෙන තුරු වලංගුව පවතිනවා.

Source : https://www.facebook.com/gotabayar/  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu