gossiplanka alexa නව කොරෝනා වයිරසය නිසා දිවයිනේ දැනට පවතින තත්ත්වය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොරෝනා වයිරසය නිසා දිවයිනේ දැනට පවතින තත්ත්වය

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 10 ක් වන බව වාර්තා වනවා. 

විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට ද මේ වන විට නව කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම තත්ත්වය මත අදාළ නිලධාරිණිය හා එක්ව රාජකාරී කටයුතු කරමින්  සම්බන්ධ වූ කාර්ය මණ්ඩලයට 'ස්වයං නිරෝධායනය' කිරීමට උපදෙස් ලබා දී ඇති අතර අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබෙනවා.

මෙම පුවත වාර්තා වීමත් සමඟම විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රාවයක් අපෙතිර ගියා. එයට පිළිතුරු ලබාදෙමින් මාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ "මට කිසිම කොරෝනාවක් නෑ. මම ජිනීවා ගිහිල්ලා ඇවිල්ලා දැන් දවස් 15ක් වෙනවා." යනුවෙන්. 

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ  සති දෙකක කාලයක් සඳහා කොරියානු ජනරජය, ඉරානය, ඉතාලිය, බහරේන්, කටාර්, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල විදේශිකයින් සඳහා වීසා නිකුත් කිරීම අත්හිටුවීමටයි. එසේම ඉතාලිය, ඉරානය, කොරියානු ජාතිකයින්ට දැනටමත් ලබා දී ඇති සියලුම වර්ගවල ඉලෙක්ට්‍රොනික සංචාරක වීසා, බහු පිවිසුම් වීසා සහ මෙරට පදිංචිය සම්බන්ධයෙන් ලබාදී ඇති වීසා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මිට අමතරව මාලදිවයින, සිංගප්පුරුව සහ සීෂෙල්ස් යන රටවල් සඳහා ලබාදී තිබු විද්‍යුත් වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. තහනම සඳහා රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි විදේශිකයින් අයත් නොවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. 

තවද, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික සත්වොත්ද්‍යාන දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් සඳහා මහජනතාවට විවෘත නොකරන බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරනවා. 

මේ අතර පැතිර යන වයිරස් තත්ත්වය හේතුවෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථාන 02 ක් මෙරට ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එසේම නව කොරෝනා වයිරසය පැතිර යාමට එරෙහිව ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමක් අද (15) ආරම්භ කිරීමට නියමිතයි. මෙහි අරමුණ වන්නේ පැතිර යන ව්‍යාජ තොරතුරුවලින් ජනතාව නොමග යාම වළක්වාලීමත් ව්‍යසනය ජය ගැනීම සඳහා කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් ය. ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම සංවිධාන කරනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu