gossiplanka alexa නිරෝධායනය නොවූ විදේස් රටින් පැමිණි පුද්ගලයින් නිසා රට අවදානම් තත්ත්වයක, තොරතුරු සොයා මෙහෙයුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනය නොවූ විදේස් රටින් පැමිණි පුද්ගලයින් නිසා රට අවදානම් තත්ත්වයක, තොරතුරු සොයා මෙහෙයුමක්

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් දිවයින පුරා ව්‍යාප්තව සිටින බවයි. ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණහොත් තත්ත්වය තවත් බරපතල විය හැකි බවයි ඔහු පවසන්නේ. 

තාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් පිරිසක් නොරෝධායනය ක්‍රියාවලිය මග හරිමින් නිවෙස්වලට පැනගිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු කඩිනමින් එක් ‍රැස්කර ඔවුන් නිරෝධායනය කිරීමට මේ වන විටත් වැඩපිළිවෙලක් දියත්වෙමින් පවතිනවා. 

කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බවයි  සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරන්නේ. මෙම පුද්ගලයින්ට ඉතාලියේ මිලානෝ නුවරින් පිටත් වීමට ඉඩ නුදුන් නිසා සැතපුම් 800ක් දුර වාහනයකින් පැමිණ එතැන් සිට ලංකාව බලා පිටත්ව ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම දෙදෙනා ලංකාවට පැමිණි පසු නිරෝධායන ක්‍රියාවලියට දැඩි විරෝධතාවයක් පළ කර තිබෙනවා. එහෙත් එම අවස්ථාවේ දී හෝ මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ හෙළිකර නැහැ. පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu