gossiplanka alexa කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවන අදියරක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවන අදියරක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

කොරෝනා වෛරසය රට පුරා පැතිර යන වේගය වැඩි බවත් ය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් උදාවන බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

එම සංගමය ප්‍රකාශ කරන්නේ කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බවයි. 

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එය පාලනය කිරීම අසීරු වනු ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ආනන්ද මහතා කියා සිටිනවා. මෙය පාලනය කිරීම සඳහා හැකිතාක් ගමන් බිමන් අඩු කරන ලෙස ජනතාවගෙන් කොතෙක් ඉල්ලා සිටියද එයට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය ඉතා දුර්වල බව ඔහු ප්‍රකාශ කරනවා. 

රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙය මර්ධනය සඳහා සැලකිය යුතු ප්‍රශස්ත වල මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ජනතාව වුවද ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන කටයුතු අතහරින්නේ නම් එය පාලනය කළ හැකි වනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරනවා. 

ජනතාව තනි තනිව කල්පනා කර වගකීමෙන් කටයුතු නොකලහොත් මෙය පාලනය කල නොහැකි මට්ටමකට යා හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu