gossiplanka alexa රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම වසා දැමේ, පූජකවරයෙක් අතුරුදහන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම වසා දැමේ, පූජකවරයෙක් අතුරුදහන්

කුත් 15 වනදා පූජකවරයෙකු විසින් සූරිය වැව ප්‍රදේශයේ පිහිටි දේව මෙහෙයකට රාජගිරිය, ඔබේසේකරපුර , අරුණෝදය මාවත ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් කැඳවාගෙන ගොස් තිබෙනවා.
 
එම දේව මෙහෙයට සහභාගී වූළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතර දෙනෙකුට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මතු වීම නිසා එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයට ඇතුළුවීම තාවකාලිකව අත් හි‍ටුවා තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම සිද්ධියත් සමඟම ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ ප්‍රදේශවාසීන් විශේෂ පරීක්ෂාවකට ලක කර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් දේව මෙහෙයට පුද්ගලයින් කැඳවා ගෙන ගිය පූජකවරයා පල්ලියද වසා දමා එම ස්ථාවනයෙන් බැහැරව ගොස් ඇති බවත් ඔහු ආගිය අතක් නැති බවත් වාර්තා වනවා. එම පූජකවරයාගේ ජ්ංගම දුරකතනය ද ක්‍රියා විරහිත බවයි ආරංචි මාර්ග පවසන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu