gossiplanka alexa හමුදාපතිගැන තොරතුරු ඇමරිකාවට දී ඇත්තේ මංගල - චන්ද්‍රිකා, හමුදාපතිට එරෙහිව TNA නැඟී සිටී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදාපතිගැන තොරතුරු ඇමරිකාවට දී ඇත්තේ මංගල - චන්ද්‍රිකා, හමුදාපතිට එරෙහිව TNA නැඟී සිටී

හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන විසින්  හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව තොරතුරු  ඇමරිකාවට ලබාදී ඇතැයි පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ සඳහන් කරනවා. කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මෙසේ කියා සිටියා. 

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දී එම  වසර පහ පුරාවට ලබාදුන් තොරතුරු ඇමරිකාව විසින් විශ්වාසනීය තොරතුරු ලෙස සඳහන් කරන බවද චන්දරතන හිමියෝ කියා සිටිනවා.

හමුදාපතිවරයාට එල්ල වූ මේ චෝදනාව හෙට දවසේ ආරක්ෂක ලේකම්වරයාට අනිද්දා වනවිට ජනාධිපතිවරයාට පවා එල්ල විය හැකි ද උන්වහන්සේ පවසනවා. 

මේ අතර දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරටට ඇතුළුවීම තහනම් කරමින් පනවා පනවා ඇති තහනම අගය කරන බව යි. හමුදාපතිවරයාට පැනවූ මෙම තහනම හේතුවෙන් යුද්ධයෙන් පසු දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් විවර කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය සඳහන් කරනවා. 

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ යුද සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් හා ඊට සම්බන්ධ සාක්කි සාධක අනුව එවකට යුද හමුදාවේ 58 වැනි සේනාංකය භාරව සිටි වත්මන් යුද හමුදාපතිවරයා වගකිව යුතු බව යි. ජාත්‍යන්තර විමර්ශනවලින් හෙළි වී තිබෙන මෙම සාක්ෂි පදනම් කර ගනිමින් යුද අපරාධකරුවන්ට නොපමාව දඬුවම් දීම ශ්‍රී ලංකා රජයේ වගකීම බවද එම නිවේදනයේ සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu