gossiplanka alexa රට පාවා දුන් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියෙන් ලක් රජය ඉවත් වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට පාවා දුන් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියෙන් ලක් රජය ඉවත් වේ

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමක දී තීරණය කර ඇත්තේ පැවති යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමටයි. එම යෝඅජනා වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. 

2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජයට සම අනුග්‍රාහකත්වය ලබා දී ඇතත් එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවයි හෙළි වී ඇත්තේ.

මෙම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටි අතර ඒ අනුව  එන සතියේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu