gossiplanka alexa පෙම්වතාගේ ශ්‍රී පාද වන්දනාව නිසා අවසන් ගමන් ගිය උසස්පෙළ තරුණියකගේ සංවේදී කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙම්වතාගේ ශ්‍රී පාද වන්දනාව නිසා අවසන් ගමන් ගිය උසස්පෙළ තරුණියකගේ සංවේදී කතාව

gossip lanka news
ම පෙම්වතා යහළුවන් සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගියා යැයි 19 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් සිය දිවි නසාගෙන තිබෙනවා. මෙමෙ සිද්ධිය වාර්තා වන්නේ කෑගල්ල ප්‍රදේශයෙන්. 

''15 දා ගමේ කොල්ලෝ වෑන් එකකින් ශ්‍රීපාදයේ යන නිසා මමත් යන්න සුදානම් වුණා. ඒ නිසා එදා වැඩට ගියේ නෑ. එදා දහවල් එයාලාගේ ගෙදර අසල නිවසක දී අපි දෙන්නා හම්බ වුණා. මමත් ශ්‍රීපාදයේ එක්ක යන්න කියලා ගීතිකා මට කිව්වා. ⁣මම කිව්වා කොල්ලෝ විතරයි යන්නේ වෙන දවසක ශ්‍රීපාදයේ එක්ක යන්නම් කියලා මම කිව්වා. ඊට පස්සේ ගීතිකා කිව්වා ඔයා ශ්‍රීපාදයේ ගිහින් මගේ මළ ගෙදරට එන්න කියලා. මම ඉතිං ඒක ගණන් ගත්තේ නෑ. ඒ වෙනකොට මගේ යාළුවෝ අඹේපුස්ස හංදියට ඇවිල්ලා හිටියා වෑන් එකෙන් යන්න. එතනින් යන්න පිටත් වෙනකොට මගේ දුරකථනයට කෝල් එකක් ආවා ගීතිකා නිවස තුළ එල්ලා කියලා. මට හිතා ගන්න බැරිව ගියා''

මෙම තරුණිය ගීතිකා. ගිතිකාගේ පෙම්වතා මරණ පරීක්ෂණයේ දී කියා සිටියේ එවන් කතාවක්. එම තරුණයා වැඩි දුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේ

"අපේ සම්බ්න්ධය පටන් ගත්තේ ගීතිකා 9 පංතියේ අධ්‍යාපනය ලබන කොට .මේ සම්බන්ධය දේපැත්තෙම ගෙවල් වල්න් දැනගෙන හිටියා. කවුරුත් ඒකට විරුද්ධ වුණේ නැහැ. එයාගේ අම්මා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස හංදියේ කැඳ විකුණනවා. තාත්තා මේසන් බාස් කෙනෙක්. ගීතිකා පවුලේ තුන් වැනියා. ඊට බාල තව සහොදරයෙකුත් ඉන්නවා.  ලොකු අයියයි ලොකු අක්කයි විවාහ වෙලා වෙනම පදිංචිව ඉන්නේ. ගීතිකයි දෙමව්පියන් දෙන්නයි, බාල සහොදරයයි විතරයි ඝෙදර ඉන්නේ.මම ප්ලේටන් බාස් කෙනෙක් ළග දැනට වැඩ කරන්නේ..."

"පසුගිය 14 දා වැලන්ටයින් දවසේ ගීතිකාගේ පාසලේ තිබුණු ක්‍රීඩා බලන්න එන්න කියලා මට කිව්වා. මම 14 දා උදේ රෝස මලකුයි චොකලට් එකකුයි අරගෙන අඹේපුස්ස හංදිය ආවා ගීතිකාට දෙන්න කියලා. ගීතිකා පාසැල් ඇඳුවෙන් ඇවිල්ල හිටියා. රෝස මලයි චොකලට් ඒකයි ගන්න බෑ කිව්වා පාසැලට අරගෙන යන්නබෑ කියලා. මට ගීතිකා කිව්වා එයා පාසලේ ක්‍රීඩා නායිකාව අද ක්‍රීඩා උත්සවයේ එයා තමයි කණ්ඩායමේ ඉස්සර වෙලා යන්නේ ඒ නිසා ක්‍රීඩා උත්සවය බලන්න එන්න කියලා.

"මට වැඩ හින්දා ක්‍රීඩා උත්සවය බලන්න යන්න බැරි වුණා. පස්සේ එකටත් මට එක එක දේවල් කිව්වා. 15 දා ගමේ කොල්ලෝ වෑන් එකකින් ශ්‍රීපාදයේ යන නිසා මමත් යන්න සුදානම් වුණා. ඒ නිසා එදා වැඩට ගියේ නෑ. එදා දහවල් එයාලාගේ ගෙදර අසල නිවසක දී අපි දෙන්නා හම්බ වුණා. මමත් ශ්‍රීපාදයේ එක්ක යන්න කියලා ගීතිකා මට කිව්වා. ⁣මම කිව්වා කොල්ලෝ විතරයි යන්නේ වෙන දවසක ශ්‍රීපාදයේ එක්ක යන්නම් කියලා මම කිව්වා. ඊට පස්සේ ගීතිකා කිව්වා ඔයා ශ්‍රීපාදයේ ගිහින් මගේ මළ ගෙදරට එන්න කියලා. මම ඉතිං ඒක ගණන් ගත්තේ නෑ. ඒ වෙනකොට මගේ යාළුවෝ අඹේපුස්ස හංදියට ඇවිල්ලා හිටියා වෑන් එකෙන් යන්න. එතනින් යන්න පිටත් වෙනකොට මගේ දුරකථනයට කෝල් එකක් ආවා ගීතිකා නිවස තුළ එල්ලා කියලා. මට හිතා ගන්න බැරිව ගියා. පස්සේ මම ශ්‍රීපාදයේ යන ගමන නවත්වලා ගීතිකාගේ ගෙදර ආවා. එතනදී මම දැක්කා ගීතිකා කාමරයේ සාරියකින් එල්ලිලා ඉන්නවා. සිද්ධිය වු අවස්ථාවේදී ගීතිකාගේ තාත්තා වැඩට ගිහින් ඉදලා තියෙන්නේ. අම්මා කඩේ වැඩට ගිහින් ඉදලා තියෙන්නේ. මල්ලි ගෙදර ඉදලා නෑ. පස්සේ සාරියකින් කාමරයේ බිත්ති උඩ තිබු ලීයකට දමලා එල්ලිලා කියලා පෙනුනා. ගීතිකා ටිකක් කියන දේ අහනවා අඩුයි. මම හිතුවේ නෑ මෙහෙම දෙයක් කර ගනියි කියලා. නැත්තම් මම ශ්‍රීපාදයේ යන්නේ නෑ. ගීතිකාට කියන දෙයක් තේරුම් ගන්නේ නැති එකයි මරණයට මුලික හේතුව.

ගීතිකා කෑගල්ල ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසරේ ඉගනුම ලබන ශිෂ්‍යාවක්. ඇය මෙවර අ.පො.ස උසස්පෙළ ව්භාගයට පෙනී සිටීමට නියමිතව තිබුණා.

මරණ පරීක්ෂණයේ දී මරණ පරීක්ෂකවරයා ඥාතීන්ට කියා සිටියේ වැඩිවියට පත් ගැහැණු දරුවෙකු නිවසක සිටී නම් ඒ ගැහැණු දරුවා පිළිබද විශේෂයෙන්ම මවගේ අවධානය යොමු කළ යුතු බවත් මිය ගිය දැරියගේ මව ඒ සම්බන්ධයෙන් සොයා කටයුතු කර නොමැති බවත් මව දියණිය පිළිබද සොයා බලා කටයුතු කර සිටියා නම් මෙවැනි හදිසි මරණයක් සිදු නොවන බව ත් ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu