gossiplanka alexa ඔබටත් මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව නම් එයට හේතුව මෙය විය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබටත් මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව නම් එයට හේතුව මෙය විය හැකියි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කරන්නේ ලංකාවේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළ ගොස් ඇති බවයි. කොළඹ නගරය මෙන්ම මහනුවර හා කුරුණෑගල නගර ආශ්‍රිතවද වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා වැඩි බවක් දක්නට ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව සාමාන්‍ය වායු ගෝලයක දූවිලි අංශ ප්‍රමාණය සියයට 50 ත් 60 ත් අතර අගයක් ගන්නා නමුත් කොළඹ සහ මහනුවර නගරවල මේ දිනවල එම ප්‍රමාණය 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස රට පුරාම වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළ යාම දක්නට ලැබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් බයිපාස් සැත්කම්වලට මුහුණ දුන් මෙන්ම එවැනි ස්වසන ආබාධ සහිත සියලු සංවේදී පුද්ගලයන් සැලකිලිමත් විය යුතු බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. රට පුරා බොහෝ පුද්ගලයන්ට කැස්ස, සෙම ගතිය, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇත්තේද මේ හේතුවෙන් වියහැකි බවද සරත් ප්‍රේමසිරි මහතා කියා සිටින්නේ.

පවතින වියලි කාලගුණික තත්ත්වය අනුව තවත් දින කිහිපයක් මෙලෙස වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. චීනය, බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු සමස්ත ආසියාතික රටවල මෙන්ම අප්‍රිකානු රටවලද මෙසේ වායු ගෝලයේ දුවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය දක්නට ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu