gossiplanka alexa හිටපු ජනපතිට විරුද්ධව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනපතිට විරුද්ධව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු

ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය වන්නේ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය යි. එම සංවිධානය තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව පවසා සිටිනවා. ඒ පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන්.

මෙම සංවිධානය මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගනිමින්  ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන සංවිධානයක්.  හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතා දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වග කිව යුතු බව පවසමින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බවයි එම සංවිධානයේ කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසා සිටියේ.

මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රට වල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරත් ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවත් පොලිස්පතිවරයා අත් අඩංගුවට ගෙන එසේ රඳවා තබා ගැනිම පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවත් ඒ මහතාවැඩි දුරටත් කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu