gossiplanka alexa මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතු මිලියන ගණනක් සහ තවත් සංචිත මුදල් ගැන හෙළි වීමෙන් සජිත් අමාරුවේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතු මිලියන ගණනක් සහ තවත් සංචිත මුදල් ගැන හෙළි වීමෙන් සජිත් අමාරුවේ ?

හිටපු ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය  අරමුදලේ අරමුණුවලට පටහැනිව කටයුතු කරමින් වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙනවා. 

ඔහු මේ බව කියා සිටියේ රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

''2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළෙන කොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුවක් සහ සංචිතයේ රුපියල් මිලියන 800 ක් තිබුණා. මේ මුදල් අරමුදලේ අරමුණු වලට පටහැනි කරුණු සදහා හිටපු ආණ්ඩුව යොදවා තිබෙනවා. ඒ වගේම තවත් රුපියල් මිලියන 1600 ක් දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල ණයයි. අප මේ සංචිතය ගොඩ නගා තිබුණේ සංචාරක කර්මාන්තයෙන් උපයා ගත් මුදලින්. විදේශීය හා දේශීය සංචාරකයන් මේ පුරාවිද්‍ය ස්ථාන නැරඹීමට යාමෙන් අපිට ලැබුණු මුදලින් නව රජය යටතේ අපිට මේ ණය මුදල වසරක් තුළ ගෙවා දැමීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරනවා. සංචාරක සංවර්ධන අධිකාරියත්, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවත් අපත් එකතු වී පුරා විද්‍යා ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නවා'' යනුවෙන්. එම නිසා මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 1600 ක් ණයකරුවෙකු වී ඇති බවත් ඒ මහතා එහි දී කියා සිටියා. 

මෙම අවස්ථාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද සහභාගී වූ අතර එහිදී ඇමතිවරයා කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක තැන්පතුව සහ රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා භාවිතා කළේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයටබවයි. 

නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් වන අතර එතුමා ද උත්සව අවස්ථාවට සහභාගී තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu