gossiplanka alexa වාහන තදබදය අවම කිරීමට සැලසුම් ‍රැසක් සමඟින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිතුමාගෙන් උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වාහන තදබදය අවම කිරීමට සැලසුම් ‍රැසක් සමඟින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිතුමාගෙන් උපදෙස්

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අත්ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (14) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදී එම  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් බොහොමයක් ලබා දුන්නා. මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු  අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. 

එහිදී අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දෙමින්,

''පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතුයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියක්. කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු රථ වාහනවලට උතුර, නැගෙනහිර සහ බටහිර පළාත්වලට කඩිනමින් පිවිසීමට පුළුවන්. ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම තමයි මෙහි අරමුණ. මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් ඉන් නිර්මාණය වෙනවා. දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළයුතුයි.  ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු යි. ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම්විය යුතුයි'' යනුවෙන් පවසා සිටියා.

එසේම ඉංගිරියේ සිට රත්නපුර දක්වා මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කිරීමටත් තීරණය වූ අතර එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹීමට නියමිතයි. නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ගද තදබදයට විසඳුමක් ලෙස ද මෙහි දී පෙන්වා දෙනු ලැබුවා. 

අධික තදබදයක් ඇති වන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කිරීමටත් දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කිරීමටත් එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදයට විසඳුමක් ලබා දීමටත්හ් මෙහි දී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය (මැරයින් ඩ්‍රයිව් ) පානදුර දක්වා දීර්ඝ කිරීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර සියලු ඉදිකිරීම් සදහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය  ලබා ගන්නැයි ජනාධිපතිතුමා පවසා සිටියා. 

මාර්ග ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතු අතර මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපබෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම ගැන සාකච්ඡාවට ලක් වුණා.නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කොළඹට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම කෙරහි ද අවධානය යොමු වුණා. ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේ දී  වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා  විදුලි, ජල සහ දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවට උපදෙස් දුනා.

 ජනාධිපති මාධ්‍ය අංශය






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu