gossiplanka alexa බදුර්දීන්ගේ හිතවතෙකුගේ නිවසින් සොයා ගත් ලිපිගොනුවලින් වැදගත් අනාවරණ ‍රැසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදුර්දීන්ගේ හිතවතෙකුගේ නිවසින් සොයා ගත් ලිපිගොනුවලින් වැදගත් අනාවරණ ‍රැසක්

කිලෝවොට් විස්සේ ජෙනරේටර් ගෙන්වන බවට මිල ගණන් පෙන්වා කිලෝවොට් දහයෙ ජෙනරේටර් ගෙන්වීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි මත ආරම්භ කර ඇති විමර්ශනයක දී තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් ඒ සම්බන්ධ ලිපිගොනු තොගයක් හමු වී තිබෙනවා.

 එම ලිපිගොනු සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම විමර්ශනයට අදාළ කිසිදු ලියකියවිල්ලක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් කර තිබෙන අවස්ථාවක මෙසේ එම ලියවිලි හමු වී තිබෙනවා. එම ලිපිගොනු නොමැති වීමෙන් රහස් පොලිසියේ විමර්ශන අඛණ්ඩව පවත්වාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව මෙතෙක් සොයාගත නොහැකිව තිබූ මෙම ලිපිගොනු තිබී ඇත්තේ හිටපු ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරාගේ හිතවතකුගේ නිවසිකින්. එම හිතවතා බදියුද්දීන් ඇමැතිවරයාගේ සොහොයුරා සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නෙක් බව පැවසෙනවා.

​මොහොමඩ් ඉම්රාන් නමැති අය හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොයුරකු වන බදියුදීන් මොහොමඩ් යන අය සමග දෙහිවල, ටී.පී.ඩී. සිල්වා ඇවනිව්හි ක්‍රසන්ට් බටන් මැනුෆැක්චරිස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙසද කටයුතු කර තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu