gossiplanka alexa විවාහය තනහම් කළ තරුණ සොල්දාදුවන් විවාහ කළ පූජකවරයා වෙනුවෙන් වෙන් වූ දිනය අදයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විවාහය තනහම් කළ තරුණ සොල්දාදුවන් විවාහ කළ පූජකවරයා වෙනුවෙන් වෙන් වූ දිනය අදයි

gossip lanka valentine
ද පෙබවරාරි 14, ආදරවන්තයින්ගේ දිනය. ආදරවන්තයින්ගේ මෙම ද්නය සැබවින්ම සමරනු ලබන්නේ ආදරය වෙනුවෙන් ජිවිතය කැප කළ රෝමානු කතෝලික පූජකවරයෙකු සිහිපත් කිරීම සඳහා යි. එහි කතාව තමයි මේ කියන්න යන්නේ.

මේ කතාව කෙතරම් පරණද යත් අපව 3 වන සියවස දක්වා ඈතකට රැගෙනයනවා. රෝමයේ අධිරාජ්‍යයා වූ ක්ලෝඩියස් එරට ඒකාධිපති පවුල් පාලනයක් ගෙන ගියා.රෝමානු වැසියන්ගෙන් විශාල ප්‍රමාණයක් ක්‍රිස්තියානි නිකායට හැරෙමින් තිබුණා. ඔහු වහල්ලු මෙන්ම සාමාන්‍ය ජනතාව විශාල පීඩාවකට ලක් කළා. ඔහුගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රෝමයත් යටත් විජිතයනුත් විශාල යුද්ධයකට යටත් කළා.  ඒ වෙනුවෙන් තරුණයින් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීමට ඔහුට අවශ්‍ය වුණා. අධිරාජ්‍යයා දැඩි මිත්‍යාදෘෂ්ටිකයෙක් වූ බැවින් රෝම සොල්දාදුවන්හට ක්‍රිස්තියානි කාන්තාවන් සමඟ විවාහ වීම තහනම් කළා. තවද ඔහූගේ හමුදාවෙ සියලුම සෙබළුන් අවිවාහකව සිටිය යුතුයැයි අසාධාරණ නීතියක්ද පනවා තිබුණා. එයට හේතුව විදියට ඔහු කියා සිටියේ විවාහක සෙබළුන්ට වඩා අවිවාහක සෙබළුන් කාය ශක්තියෙන් හා ක්‍රියාශීලිත්වයෙන් වැඩි’යි කියා විශ්වාස කිරීම බවයි. 

රෝමයේ මේ පාලකයා තරුණ තරුණියන්, සොල්දාදුවන්ට එරෙහිව ගෙනගිය මෙම වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් වැලන්ටයින් නම් පූජකයා තරුණයින් වෙනුවෙන් පෙනී සිටියා. ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ගැනත් ඔහූගේ දිවි පිදීමේ රහස මානව දයාව බවත් දේශනා කරමින් රෝමයේ ටර්නි නුවර දැහැමින් ජීවත් වූ කතෝලික පූජකවරයෙක්. අන්ත:පුර පවත්වාගෙන ගිය  ක්ලෝඩියස් ඒකාධිපතියාට විරුද්ධව එම පාලකයාගේ කෲර තීරණවලට එරෙහිව තරුණයින්ට තමන් කැමති කෙනෙකුට ආදරය කිරීමට ඇති අයිතිය, විවාහවීමට ඇති අයිතිය වෙනුවෙන් වැලන්ටයින් පූජකයා අරගලයක් ගෙන ගියා. ඔහු රජූගේ අණ නොතකා රහසිගතව රෝම සෙබළුන්ව විවාහ කරවන්නට පියවර ගත්තා. ඒ අනුව ඔහූ සියලුම විවාහ සිදු කරවූයේ රෝමය තුළ වූ අප්‍රසිද්ධ පල්ලි තුළයි. පූජකවරයාගේ මෙම ක්‍රියාව ක්ලෝඩියස් අධිරජ්‍යයාට ආරංචි වීමට එතරම් කාලයක් ගත වූයේ නැහැ. ක්ලෝඩියස්ට එරෙහිව ඔහූගේ අණට පිටුපාමින් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් වැලන්ටිනස් සාමිවරයාව අත්අඩංගුවට පත් වුණා. 

සිරගත කර සිටින අතරතුර පවා සිරකරුවන්ගේ රෝග සහ වේදනා සුවපත් කිරීමට ඔහු නිතර තම කාලය අකෙපකලා. ක්ලෝඩියස් විසින් නිකරුනේ බන්ධනාගාරගත කළ ක්‍රිස්තියානි ආගමිකයන්ට පැනයාමටද වැලන්ටයින් සාමිතුමා උපකාර කළා.

ඔහු මෙසේ සිරගත කර තිබෙන අතරතුර බන්ධනාගාරය භාර ජේලර්වරයාගේ අන්ධ දියණියගේ දෑස් සුවපත් කොට පෙනීම ලබාදීමට සමත් වුණා. නමුත් ඔහූට හිමි මරණ දඩුවම අහෝසි නොවූයේ අධිරාජ්‍යයාගේ බලපෑම තදින්ම වූ නිසාය. මරණ දඩුවම ක්‍රියාත්මක වන දිනය ළංවෙත්ම රෝම කිතුණුවන්ගෙන් සාමිතුමාට ලියුම් සහ රතුරෝස ලැබෙන්නට වුණා. ඒ තුළින් ඔවුන් සාමිවරයාට දක්වන ප්‍රේමය සහ ගෞරවය පෙන්නුම් කළා. බන්ධනාගාර සෙබළුන් සමඟ තිබූ මිත්‍රත්වය නිසා ඒ සියලු ලිපි සාමිවරයාට ලැබුණා. අවසානයේ  වර්ෂ 269 පෙබරවාරි 14 දින වැලන්ටයින් සාමිවරයාව මරාදැමුණා. එවකට ඔහූගේ වයස හතළිස් තුනක්.

රෝම ජනප්‍රවාදයකට අනුව සිරගත කාලය තුළදී සාමිවරයා සහ ජේලර් දියණිය අතර ප්‍රේමයක් හටගත් බවත් සාමිවරයා ඇයට ලියූ ලිපියක් හසුවීම නිසා ජේලර් විසින් පසු දින මරා දැමුණු බවත් සදහන් වනවා. එම ලිපියේ ආමන්ත්‍රණය යෙදී තිබුණේ “ෆ්‍රොම් යොඋර් වලෙන්ටිනෙ” යනුවෙන්.

කෙසේ වෙතත් වැලන්ටයින් සාමිවරයා මරාදමා වසර දෙසිය ගානක් යනතුරු ඔහූව දේවත්වයේලා සැලකූයේ නැත. වැලන්ටයින් සාමිගේයැයි විශ්වාස කෙරෙන හිස් කබලක් සොයාගැනීමෙන් අනතුරුව එය රෝමයේ සැන් වැලෙන්ටිනෝ දේවස්ථානයේ තැන්පත් කළා.පෙබරවාරි 14 වැලන්ටයින් සාමිවරයාගේ අනුස්මරණ දිනය ලෙස නම් කරන ලද්දේ ඉන් අනතුරුවයි. තවද ක්ලෝඩියස් ආදීන් විසින් වැපිරූ නරක ආදර්ශයන් කතෝලික පල්ලි විසින් නැති කර ක්‍රිස්තියානි ධර්මය ස්ථාපිත කරන්නට කටයුතු කලේ මේ කාලයේය.

වසන්ත උදාව සංකේතවත් කරමින් එම කාලයේ සෑම වසරකම පෙබරවාරි මාසයේදී “ලුපකාලියා” නමින් මිථ්‍යාදෘෂ්ටික සැණකෙළියක් පැවැත්වූ අතර එහි එක් අංගයක් ලෙස තරුණියන්ගේ නම් ලියූ කුසපත් තරුණයන් විසින් තෝරාගැනීම සිදු කරයි. ඉන් පසු තෝරාගත් තරුණිය සමංග සැණකෙලිය පුරාවටම පෙම්වතුන් සේ හැසිරිය යුතුව තිබුණා. සැණකෙළිය අවසානයේ එම යුවල් අතරින් කිහිපයක් විවාහවුණා. පසුකාලීනව කතෝලික සභාව විසින් ක්‍රිස්තියානි උත්සවයක් බවට පත් කිරීමට තීරණය කළා. ඒ අනුව වර්ෂ 496දී ග්ලාසියුස් පාප් වහන්සේ විසින් ලුපකාලියා උත්සවය අවලංගු කර ඒ වෙනුවට සෑම පෙබරවාරි 14 දාම වැලන්ටයින් දිනය ලෙස නම් කරමින් ආදරය සමරන්නැයි ප්‍රකාශ කළා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu