Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

gossipnews
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අසළ සීදූව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් අද හදිසියේම ගිනි ගෙන තිබෙනවා. එයින් නිකුත්වන අධික දුමාරය හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති  නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය අද (20) දහවල් සිට ජා-ඇලෙන් වසා දැමිමට පියවර ගෙන තිබෙනවා.

මාර්ගය වසා දැමීම හේතුවෙන්කොළඹ සිට පැමිණෙන වාහන ජා - ඇල පිවිසුමෙන් පිටතට යොමු කළ යුතු අතර කටුනායක පිවිසුමෙන් වාහන ඇතුළු කිරීමද නවතා දමා තිබෙනවා. මෙම ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළ ද එය අසාර්ථක වීමෙන් පසුවයි අද  සවස 3.00 පමණ සිට පෑලියගොඩ සිට කටුනායක දක්වා වූ අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙන්නේ.

ගින්න  නිවීම සදහා බලවත් පරිශ්‍රමයක් ගිනි නිවීම් අංශ දරමින් සිටින අතර.කටුනායක පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page