gossiplanka alexa සැමට හොරෙන් මංගල එකඟ වූ ජිනීවා යෝජනාවලින් ඉවත් වීමත් සමඟම ලක් හමුදාවට දඬුවම් අහෝසියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සැමට හොරෙන් මංගල එකඟ වූ ජිනීවා යෝජනාවලින් ඉවත් වීමත් සමඟම ලක් හමුදාවට දඬුවම් අහෝසියි

gossiplanka country news
2015 සැප්තැම්බර් මස එකඟ වී තිබූ ජිනීවා යෝජනාවෙන් ඉල්ලා තිබුණේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට නඩු පවරා දඬුවම් කළ යුතු බවයි. එම යෝජනා වලින් ඉවත් වීමට රජය ගත් තීරණයත් සමඟම වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම සහ උතුරු නැගෙනහිරට බලය බෙදාහැරීම යන කරුණු අහෝසි වන බව රජය සඳහන් කරනවා.

මීට අමතරව ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් ජිනීවා යෝජනාවේ සඳහන්ව තිබෙනවා. මෙම ජිනීවා යෝජනාවට පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට නොදන්වා එකඟත්වය පළ කර තිබුණේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසිනි. එසේ එම ජිනීවා යෝජනාවට එකඟවීම නිසා ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව පිළිගෙන තිබෙනවා.

එම යෝජනාවලින් ලක් රජය ඉවත් වීමත් සමඟ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව අධිකරණ යාන්ත‍්‍රණයක් ක්‍රියාත්මක වීම අහෝසිවන අතර ජිනීවා යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වූ බව දැන්වීම සඳහා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ලබන සතියේදී ජිනීවා නුවරට යෑමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu